Saturday, August 31, 2013

පටන් ගැන්ම හා පිළිගැන්වීම

ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොග් එකක් හදලා මගේ අදහස් එහි සටහන් කරන්න පටන් ගන්නවා..අද ඉදන් :D ..ඉතින් මොනවා කරන්නත් කලින් මගේ හැමදේම පිටිපස්සේ හිටිය මගේ තාත්තිට ආචාර කරන්න ඕනි කියල හිත කිව්වා [අම්මිත් ඉන්නවා තමයි ]... මගේ සෑම දේටම අත හිත දුන් මගේ තාත්ති වෙනුවෙන් මගේ පලවෙනි පොස්ටුව ඉදිරිපත් කරන්න ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි .
ඉතින් යාලුවනේ මගේ ගොඩාක් වැරදීම් ඇති මොකද මම දක්ෂ ලියන්නෙක් නොවන නිසා...ඉදල ඉදල ලිපියක් දෙකක් ලිව්වට වැඩ්ඩේක් වෙන්නේ නෑ නොවැ ..ඉතින් මමත් එහෙමයි ...මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ අදහස් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනි නිසයි ....ඒ වගේම ඔයාලගේ අදහසුත් මට ගොඩාක් වටිනවා ...මම වැඩිය බ්ලොග් ගැනනම් දන්නේ නෑ ..පුළු පුළුවන් අයියල ,අක්කිලා එහෙම ඉන්නවනම් මට උදව් කරන්න ඔයාලට ගොඩාක් පිං ....
අනේ ඉතින් ඇති නේද මුල් පොස්ටුව ....ලියන්න ගොඩාක් දේවල් හිතේ තිබුනත් ඔක්කොම මේකට ලියන්න බෑ නොවැ ..එක නිසා මම නවතින්නම් ...නැවත හමුවෙමු ...තරුවන් සරණයි....!!!

2 comments: