Saturday, August 31, 2013

කිරාගෙන් ගෙන් හිතන පතන අයට

කිරාගෙන් ගෙන් හිතන පතන අයට
                                                             
ඔයා ගැන ඔය හිතනපතන විදිය සරි ද? එහෙනම් ඔයා බොක්කෙන්ම ඉස්සරහට යන පස්ට උමමාකැටයක්. මෙලෝ රහක් නැත්තේ රෝන්ග් ටෝක්ස් දාන අයටයි.....
අනෙක් බොහෝ පුරුදු මෙන් ප්‍රශ්න වලින් පලා යෑමට පුරුදු වීම අපේ මේ ජීවිතේ නන්නත්තාර වෙන්න හේතුවක්. ලේහාගන්න අමාරු කෙස් ආවම අපි ඒවාට මුහුණ දෙන්නේ කොහොමද බන්ස්? අපේ ජීවිත හැඩ ගැහෙන්නේ අප කේස් වලට මුහුණ දෙන හැටියි ඒවා ලේහාගන්න ගන්න වේගය අනුවයි කියල මටනම් හිතෙන්නේ......
කොල්ලොන්ට කෙල්ලොන්ට හරි ඕනෑම මනුස්සයෙක්ට අපි සප් එක දෙන්න ඕනේ එයාට ඒක තනියම කරන්නට බැහැයි කියල නෙවේ, තනියම කරන හැටි උගන්වලා පැහැදිලි කරලා දීමෙනි.සමහරු එවුන් දත්මිටි කාගෙන ප්‍රශ්න විසඳීම සඳහා පස්ට කට්ටක් කති. එත් සුටි ප්‍රශ්න වලට බයේ සිටිති. තනිවම තැනකට යන්නට බැරි හා තනිවම යමක් කරන්නට බැරි කොල්ලෝ දැක්කාම අපිට ඇතිවන්නේ දුකක්.එහෙම පස්ස ගහන්නේ නැතුව හේතුව සොයා එය නැති කරගන්න.බයෙන් හෝ හීනමානයෙන් පෙලෙන එකාට ඒවාට උඩින් ධනය හා දියුණුව ගොඩ ගහන්න කොයි තරම් ට්‍රයි කලත් අහුවන්නේ ඉතා ටිකකි. තමාගේ බියගුළු කම වහගන්න කටින් විතරක් මොන්ටි ටෝක්ස් දෙන හැම එකෙක්ම වැඩෙන් වීරකම් නොදක්වන බව අපට පෙනී ගොස් තිබේ. ඔයාගේ ප්‍රශ්නය ඉතා හොඳින් දන්නේ ඔයාමයි. එය විසඳීමේ මාර්ගය ඔයාගේ හිත ඇතුලෙයි. පස්සට යෑම, අදිමදි කිරීම, කල්දැමීම, අන් අය පිට දොස් කීම යන දේවල් ඔයාගේ සිරිතක් නම් එම සිරිත ඉතා බාල පහත් පුරුද්දක් බව තේරුම් ගන්න. .....
වැඩ්ඩේක් වෙන්න ඕනෑවෙන්නේ සුටි වෙනස්කමකි. එකතමයි තමන්ගේ හිත ඇතුලේ තියන බය නැතිකර ගැනීම. අනුන්ගේ අඩුපාඩු හා දුර්වලකම් ගැන නිතර නිතර කියවන්නේ තමන් ළඟ එයටත් වඩා අඩුපාඩු හා දුර්වලකම් ඇති අයයි. ඒ වගේ උන් අනුන්ගේ දුර්වලකම් හා තමන්ගේ දුර්වලකම් සසඳා බලමින් තමන් ඔවුනට වඩා හොඳ යැයි තීරණය කරති. ඒ වගේ උන් ගොන් ආතල් ගන්නවා මිස කිසි කලෙක තමන්ගේ දුර්වලකම් ජයගැනීමට කටයුතු නොකරති.ඕනෑම කෙනෙකුට තමන්ගේ බොහෝ දුර්වලකම් ජයගන්න පුළුවන්, ගතවන්නේ සිත වෙනස් කර ගැනීමට යන සුළු කාලය පමණි.....:D

No comments:

කිරිගේ අදහස් ගැන ඔබේ අදහස්