Friday, September 13, 2013

හිරට කොටට


















මේ දවස් ටිකේ මලගෙදරදී දැක්ක දේවල් නිසාත් ලියන්න කියල හිතේ තිබ්බ දෙයක් නිසාත් මේ ලියන්න යන දේ ගැන මම සැරයක් දෙකක් නෙවෙයි දහ වතාවක් විතර හිතුව.... ඒත් අන්තිමේ ඕන බම්බුවක් වෙන්න ලියනව කියල හිතුව.. මේක සම්පූර්ණම මගෙ පුද්ගලික මතයක් විතරමයි... කාටවත් උපදෙස් දෙන්නවත්, මේක බලල හැදෙන්න කියන්නවත්නම් නෙවෙයි මේක ලියන්නෙ. ගොඩක් කෙල්ලෝ කැමතිනෙ තමන්ට තියෙනවට වඩා පෙන්නන්න... දන්නවනේ මම මුකක් ගැනද කියන්න හදන්නේ කියල... මළගෙදරට ගෑනු ළමයි ටිකක් ඇවිල්ල හිටියා කස්ටියට ඔක්කොම ලොකුවට පෙන්වන්න කියල හිරටම ඇඳන් ඇවිත්.. ඒක ලස්සනයි කියල හිතේ... අනේ මන්ද... ඇඟටම ඇලෙන්න ඇඳන් වස කැතයි.. කෙනෙක්ට හිතෙන්න පුලුවන් ටිකක් මෝස්තර කලාම "ගොඩයන්ට මැජික්" කියල... ඒත් බන්ස් මටනම් තේරෙන්නෙ නෑ ටිකක් ඇඟ පෙන්නන එක හරි, එහෙම නැත්නම් කිට් කිට්යේ හිරට අඳින එක හරි ඇත්තටම මෝස්තරයක්ද කියල... කොල්ලෝ බලයි තමා... ඒත් ලස්සනයි කියලනම් නෙවෙයි... කාන්තාව මැවුම් කරු විසින්ම ලස්සනට, හැඩට මවල තියෙනව... පිරිමි අපි වගේ රලු විදියට නෙවෙයි... ඉතින් එහෙම එකේ ඔච්චර විච්චූර්ණ කරන්න ඕනෙ නෑනෙ... බටහිර පන්නෙට අඳින්න ඕනෙ නෑ.. එහෙ මිනිස්සු රස්නෙ කාලෙට රස්නෙ අඩු වෙන්නයි අඩුවෙන් අඳින්නේ... ඒක විලාසිතාවක් විදියට හදාගෙන තියෙන්නෙ ඒක නිසා.. අනික එහෙ අයට ඒවා ගානක්වත් නෑ.. ඒත් අපි, තැනක් නොතැනක් නෑ.. පේන්න ඕනෙ නැති දේවලුත් එක්ක පේන්න තමයි මොස්තර කරන්නෙ... ඒකයි මෝස්තරේ... මොකද බටහිර පන්නෙට ඇන්දමනේ පිළිගැනීම. අනේ ඉතින් රෙද්ද තමයි ..අපි අඳින්න ඕනෙ අපේ රටට, අපිට, පරිසරයට ගැලපෙන විදියට.... මෝස්තර කියන්නෙ ඇන්දම කිසි අපහසුවකින් තොරව ඉන්න පුලුවන් දේවල් මිසක්, හරිම අපහසුවෙන්, වාඩි වෙන්න බැරුව, ඇවිදින්න බැරුව, නැමෙන්න බැරුව ඉන්න කරන දෙයක් නෙමෙයි... එහෙම උනාම එක මල විකාරයක් මිසක් මෝස්තරයක් වෙන්නෙ නෑ. අනිත් එක තමන්ගේ ඇඟ පෙන්නන එක මෝස්තරයක් නෙවෙයි... ඒක වෙනම දෙයක්... මමත් පිළිගන්නව ගෑණු ළමයි මෝස්තර කරන්න ඕනෙ.... නැතුව ඉතින් හැට පැන්නම විලාසිතා කරන්න කියලද.. ඒ උනාට දෙයක් කියන්නම් කෙල්ලට තියෙන්න ඕනි ගෑනු ගතිය මිසක් කොලු ගතිය නෙවේ.... :D

------------- කිරා -------------

No comments:

කිරිගේ අදහස් ගැන ඔබේ අදහස්