Saturday, September 14, 2013

කිරාගේ ලව [KiRi'S LoVe] part 6





අනේ හත්දෙයියනේ මොකක්ද කිරි අර නැම්බියෝ දෙන්න බොගේ මුනට කරේ ...පොඩි එහෙම ඇහුවේ ඔක්කොම වැඩ ටික ඉවරවෙලා අක්කිලා ගියාට පස්සේ . එක දිග කතාවක් බන් හෙට ආයෙත් කෙල්ල බලන්න යන්න කලින් මුණ පොඩ්ඩක් එලිය කරගන්න හිතුව ..අනික බන් කෙල්ලොන්ට විතරද මේවා හොද අපිටත් හොදයි ,අක්කිට වැද වැටිලා තමයි මේක කරගත්තේ එයාගේ වැඩකාරයා විදියට වැඩකරන්නම් කිව්වට පස්සේ තමයි අක්කි කැමති උනේ මම අලි පත ටොම් පචයක් පතබැව... මගේ දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටපු පොඩි සාක්කුවේ තිබිල උගේ 4න් එක ඇදල ගත්තා ... මේ බලපන්කො රුපසුන්දරී ,කියල මගේ පැත්තට 4න් එක හැරෙව්වා ...අඩේ සුපිරි බන් උබ දෙයියෙක්, ගැඩවිලා වගේ පැත්තකට වෙලා හිටියට උබ කරන්නේ කබ්බා වැඩ තමයි ඇ ...කියල මම උගේ අතින් 4න් එක උදුරා ගත්තා..මගේ හදවත සසල කල ඒ රුව මගේ ඉස්සරහම තිබ්බා ... "අයියට පිං" මම කෙල්ල කියපු වදන් හෙමිහිට මිමිනුව ....ඔය පැන්නේ බලල මල්ලෙන් එලියට උබට පිං අපිට ඉතින් පව් ....අනික බන් එකී උබට පිං දෙන්න එකී කිරිඅම්මා කෙනෙක්ද..? පිස්සු නැත්නම් ශෝක් ...පොඩි ආයෙත් උගේ ගන්ටාරේ හොල්ලන්න පටන් ගත්තා , මොනවා උනත් කිරි උබ පරිස්සම් වෙයන් ඇ ,පලවෙනි දවසෙම ඇහැ ගැටුන කියල හිත නන්නත්තාර කරගන්න එපා ,අපි තාම දන්නේ නෑනේ කවුද,කින්ද,මන්ද කියල ...මු කොච්චර වාචාලය උනත් කියන සමහර දේවල් බොක්කටම
වදිනවා කියල මට හිතුනා ... එකට තමයි බන් උබල වගේ යාළුවො ඉන්නේ .කියල මම උගේ කරට අතක් දාගත්තා කොයිතරම් හිනාවෙලා හිටියත් පොඩිගේ ජීවිතේ මල් යහනාවක් නෙවේ කියල මම දැනගෙන හිටියා පොඩිගේ තාත්තා එයාලව දාලා යනකොට අපි 5 වසරේ එදා ඉදන් උවයි උගේ අක්කවයි හදන්න පොඩිගේ අම්මා නොසැහෙන සේ දුක් වින්ද බව මේ අහල පහල කවුරුත් දනී ..එදා ඉදන් අපි දෙන්නා අතරේ තියන මිතුදම තාමත් ශක්තිමත් බව මට හැගුණි ..
කවදාවත් නොදැනුන ආදරයකින් මම තවත් තද කර පොඩිව බදා ගත්තෙමි. අපොයි දෙයියනේ මේ මොකක්ද යකෝ මේ කරන්නේ කෙල්ල කියල හිතල මගේ හිරි ඔතප් බිදින්න හදනවද ? අනේ යකෝ අතාරපන් මෙන්න ඇන්ටි කිරීට සද මොල්වෙලා පොඩි හයියෙන් කෑගැසුවේ විහිලුවට බව මම දනී ... එ බන් පොඩි හෙට උදේම යමු ඇ ...මම සෙමෙන් කීවෙමි ...කොහෙද ..? මු එන්නේ මාව අන්දන්න කියා මට හිතුනේ එය අහපු විදියෙන්මය.. තොගේ නැණ පොඩ්ඩ බලන්න
... මගේ දිහා පොඩ්ඩක් බලාගෙන හිටපු පොඩි හින් හිනාවක් දාගෙනම මගේ පැත්තට හැරුනි.... හරි බන් අපායට හරි යමන් එකට, ලොවෙත් මේ පොඩි උබලග.. 5 දාන්න කියා අත උස්සන ගමන් කිවේය... උදේම යමන් නේ බන් කෙල්ලට පන්ති උදේද දන්නෙත් නෑනේ මම ඇහුවේ පොඩිගේ
ඇස් දිහාම බලාගෙනය ... උදේම ගිහින් එතන වලකජ්ජු ගහන්නද යකෝ දෙකට විතර යමන් පොඩි උගේ අවසන් තීරණය දැනුම් දුනි .... මම යනවා බන් අක්කිව පන්තියෙන් ගන්න තියෙනවා
කියා පොඩි හෙමින් මගේ ඔලුවට තට්ටුවක් දමමින්ම ගෙදරින් නික්ම ගියේය....ආයෙත් දිනයකට හිරු උදාවුනි වෙනදා නැති ආතල් එකක් හිතට දැනෙමින් තිබුණි ...ගෙදර අයට මුණ දෙන්න බැරුව ඊයේ රෑ අක්කිට කියා කෑම එක කාමරයට ගෙන්නාගෙන
කැ හැටි සිහිවන්නේ දැන්ය... කරන්න වැඩකුත් නැති එකේ පොඩිලගේ ගෙදර පැත්තේ යන්ට කියා ට් ෂර්ට් එකකුත් දාගෙන පාරට බැස්සේ මහා කම්මැලිකමකිනි... ආ කිරි අයියා දැන් අපිව පේන්නෙත් නෑ නේද ..?
කියා කවුදෝ අසනු ඇහි මම වටපිට බැලුවේය ....අනේ අම්මේ මේ ජෝජෝ නගානේ..කොටම කොට කලිසම් කොටෙකුත් ගහගෙන මගේ දිහා විරිත්තාගෙන ඉන්න නගා දිහා බලා මම කීවෙමි... ඔව් ඉතින් දැන් අපිව පෙන්නේ නෑනේ දැන් නලවන්න කෙල්ලෝ ඉන්නවනේ ...මොකක්ද බොල ඒ අපබ්‍රන්සේ ..මොනවද ජෝජෝ ඔයා මේ කියන්නේ මට මුකුත් තේරෙන්නේ නෑ ... නෑ ඉතින් අඩන කෙල්ලෝ පාරේම නලවනවා අපි ඇස් දෙකටම දැක්කනේ නිකන් නෙවේ
අතිනුත් අල්ලාගෙන ....දෑන්නේ ගේම තේරෙන්නේ අම්මිගේ කනේ කේලම තියපු හරක් මැට්ටිනේ මේ ඉන්නේ ... මම කාගේ ඇත අල්ලන් හිටියත් ඔයාට මොකද ..අනික ඒ කෙල්ල මට ආදරෙයි ,මගේ ආදරේ දරාගන්න බැරුව තමයි එයා ඇඩුවෙ උදේ පාන්දරම බොරුවක් පත බෑවේය ..ආදරේ කරනකොට නිකන්ම බොරු කියවෙනවා ...දවසක් පොඩි මට කියූ හැටි මතක්විය ...එත් අපි දෙන්නා අතර ආදරයක් තිබේද කියා මම හිතෙන විමසුවෙමි ... කිරි අයියේ ඔයා ඔය
පැටලෙන්නේ එච්චරහොද පබගාලක නෙවෙයි හරිද ..අනික හංසිගේ තාත්ති මහා මරුමුස් පොරක්
.... ජෝජෝ කියපු දේවල් මට නිකන් ඉදුල් වතුරෙන් අතහොදල කෑම එක බල්ලාට දැම්ම වගේ මෙලවදෙයක් තේරුනේ නැත... අනික හංසිට අයියල දෙන්නෙකුත් ඉන්නවා එයා තමයි බාලම ...ඉතින් ඔක්කොම එයාට පන ඇරලා ....හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න කවුද ඔය හංසි කියන මල ඉලව්ව ..එකට මොකද මත එක්ක තියෙන පටලැවිල්ල..?මම ජෝජෝට බාදාකරමින් ඇසුවාය ..
අනේ ඉතින් පැලෙන්න ආදරෙයිලු එත් කෙල්ලගේ නම දන්නේ නෑ ඔයත් එන්නේ අපිට බබපාට් දාන්නම තමයි නේද කිරි අයියේ කෙල්ලගේ අතින් අල්ලාගෙන ඉන්නකොට අඩපු නිසා ඒ ශොක් එකට ඔයාගේ කෙල්ලගේ නමත් අමතක උනාද මරු පෙම්වතා ...ජෝජෝත් කියවගෙන යයි අම්මපා මේකිත් අපේ පොඩිට තකට තක ..කියවන්න ගියාම මෙලෝ රහක් නෑ .. "හංසි" මේකයි එහෙනම් මගේ හිතගත් ලලනාවගේ නම ...හරි ලස්සනයි මම හිතින්ම හිතුවෙමි.
අන්න නකුට්ටත් එනවා කියා ජෝජෝ පාර පැත්තට අත දික්කර පෙන්නුවාය ..කවුද මේ නකුට්ටා කියා බැලීමට මම ඒ පැත්ත හැරුනි .... බකස් ගාමින් මට හිනාගියේ ආපු එකා දුටු විටය .....
__________ මතු සම්බන්දයි ___________

කිරාගේ ලව [KiRi'S LoVe] part 5


මොකෝ කිරි අම්මා නිකන් කන්නවගේ අපේ දිහා බැලුවේ අද උබලගේ ගෙදර හැලි වලන් ලිපේ තියල නැද්ද දන්නේ නෑ ....පස්ට බඩගින්නේ හුරුතල් වේවි බන් ආවේ .පොඩි ආපුගමන් උගේ බඩගින්න ගැන කියවනවා මෙලෝ සිහියක් නැතිව ...මම දෙලෝ රත්වෙලා ඉන්නවා මොකක්ද වෙලා තියෙන්නේ කියල හිතාගන්න බැරිව. මම යනවා කිරි කාලා එන්නම් උබට කෑම නෑ වගේ හිතෙනවනම් මට මිස් එකක් ගහපන් මුලක් ඔතාගෙන මම එන්නම් කියාගෙන පොඩි යන්න ගියා ...ඕන රෙද්දක් ආච්චිට කියල මමත් ආවා සාලෙට. අනේ අම්මේ එක එක සුකුරුත්තන් වැඩ සාලේ පුරවල අපේ අක්කි ශලිනි අක්කි අරව මේවා උලනවා හතර අතේ ,අප්පිරියාවේ බෑ ..මම කෙලින්ම ගියේ කුස්සියට ,අම්මේ මොනවද වලදන්න තියෙන්නේ ..?කියල මම අම්මගෙන් ඇහුව...?
"ඔව් මම මේ උපාසක මහත්තය එනකං බලාගෙන හිටියේ දානේ බෙදල පිළිගන්වන්න" අම්මා කියපු විදියෙන් මොකක් හරි ලොකු දෙයක් කියල මට තේරුනා
ඕකනේ අම්මේ කියන්නේ අක්කි ගැන හොදට හොයල බලන්න කියල ඇයි මේ පාර ගමේ මිනිස්සු අක්කි ගැන මොනවද කිව්වේ ..? කියල මම ඇහුවේ අම්මිගේ හිතේ තියන දේවල් දැනගන්න විදියක නැති නිසා ...අක්ක නෙවෙයි කිරි ඔයා ගැන තමයි මට වචන අහන්න වෙලා තියෙන්නේ ..නුගේගොඩ හන්දියේ කෙල්ලෙක්ගෙ අතින් අල්ලාගෙන ඔයා කීප දවසක්ම ඉන්නවා ගොඩාක් අය දැකල තියනවා ..ඇයි ඔයා ඔහොම හැසිරෙන්නේ අම්මා අහනකොට මම ඩීම් වෙලා ගියා කොහොම වෙතත් ගින්න දීපු එකා දීල තියෙනවා දුමක් නැතිවම සති ගානක් පත්තුවෙන්න ආයේ ඒ ගැන කියන්න දෙයක් නෑ .... ඕ..ඕකට මගේ සම්බන්.... කට වහගන්න කිරි මම තාම කියල ඉවර නෑ ..මට මම අහන ප්‍රශ්න වලට පිලිවෙලින් ඇත්ත කියන්න ඕනේ හරිද ...?
අම්මි මේ මොකටද එන්නේ කියන්න මට හිතාගන්න බැරි උනා ... ඔයා වසන්ත එකේ බනිස්වල මැද කාල ආයෙත් තියල,බිත්තර පාන්වල බිත්තර විතරක් කාල,සොසේජ් පාන් වල සොසේජ් කාල ...ඒ මිනිස්සු ඔක්කොම කැමර් වලින් බලල තත්තිට කියල ..ලැජ්ජා නැද්ද කිරි ඔහොම හැසිරෙන්න ....දැනුයි තොරණේ විස්තරේ හරියට යන්නේ ..මට මේ වෙලාවට තමයි පොඩිගේ හොම්බට පයින් දෙන්න හිතෙන්නේ ඕකා ගෑවුන තැන ඉවරයිනේ..හිකනලා...
කවුද ඔයත් එක්ක අත් අල්ලාගෙන අඩ අඩා හිටපු ගර්ල් ..ඇයි එයා අඩන්නේ ..? අනේ කිරිඅප්පච්චියේ දැන්නම් මගේ මොලේ කොලොප්පන් වෙන්න යන්නේ කියල
මට තේරුනා,මට පුදුම අම්මි මේවා මෙච්චර ලගට කොහොම දැක්කද කියල ..මගේ පිටිපස්සෙන් අම්මි චරපුරුශයෙක්වත් එවලද මන්දා නැත්නම් අම්මි කොහොමද මේ දැන් පැය කිහිපයකට කලින් වෙච්ච දෙයක් ගැන දන්නේ....
ඔයාගේ අතින් ඒ කෙල්ලට මොනවහරි උනාද කිරි ..? හප්පච්චියේ ඔය කෙලවෙන්නේ බුරිය මැද්දටම.. කාගේ account එකක සල්ලිද මේ මගේ ගිණුමට බැරවෙන්නේ කියල මට හිතුනා ... අනතුරක් වෙන්න ගියපු කෙල්ලෙක්ට මම අද උදව් කරා අම්මිලා හිතන දෙයක් හිතාගන්න... හැබැයි එකක් මතක තියාගන්න කියන්නා කෙසේ කිවත් බලන්නා සිහිබුද්දියෙන් බැලිය යුතුයි කියල .... තවත් ඉතින් කයිය ගහල වැඩක් නෑ අම්මිට තාත්තිට ආරංචිවෙලා තියෙන දේවල් වල හැටියට තවත් මේ ගෙදර ඔලුව උස්සනවා බොරු .... මට වැදිච්ච මේ දැවැන්ත මඩ ප්‍රහාරය වලක්වන්න මගේ අයියාවත් හිටියේ නැති එක ගැන විශාල කනගාටුවක් හිතට ආව. අම්මි මොනවා හිතුවත් මම එහෙම දෙයක් කරලා නෑ අම්මි කියල අවසානෙට කියපු මම ඉකමනින් මගේ කාමරයට ආව ...මොනවා උනත් අම්මි කියපු වදන් වලින් මේ කිරිගේ හදවත බිදිලා තිබ්බේ ඒ නිසාමද කොහේදෝ හීනියට කදුළු බිදුවක් දෙකක් ගලාගෙන ගිහින් කොට්ටෙට වැටෙනවා මට තේරුනා...ඒ දුක මැද්දෙනුත් මට මතක් උනේ අර කෙල්ල අවසානෙට කියපු වචන ටික
" අයියට ගොඩාක් පිං" මම ඒ වචනටිකම තනියම මිමිනුව ...ඇත්තටම අද කාලේ කෙල්ලෙක්ගෙ
කටින් එහෙම ඒ වගේ වචන පිටවෙන්න පුලුවන්ද කියල මම හිතුව ,ඒ ලස්සන කළු ඇස් දෙක මගේ ඇස් වලට එබුන හැටි ..අනේ කොයිතරම් අහිංසකද .. එකපාරටම ඇස් දෙක සිතල වෙලා ගියාවාගේ දැනුන නිසා මම ගැස්සිලා නැගිට්ට ....මහා තඩි පිපිඤ කෑලි දෙකකුත් අතේ තියාගෙන අපේ අක්කි ශලිනි අක්කි මගේ ඇද ලග ...මේ මොන මරාලයක්ද යකෝ මේ සෙට් වෙන්නේ කියල මම කල්පනා කරා මෙච්චර වෙලා අම්මිත් එක්ක සටනක් ඉවර කරලා ඇවිත් හාන්සි උනා විතරයි මේ පොල් පරාල දෙක මගේ ලග, ඉන්නෙත් එක එක ඒවා අතින් අරගෙන ...මරන්න ගෙනියන හරකෙක් වගේ මාව වෙව්ලුව ....අනේ කිරි, ශාලිනිගේ ක්ලාස් එකේ හෙට ෆයිනල් ටෙස්ට් එක එකට අපිට ඔයාගේ උදව් ඕනේ ...අපේ අක්කි විරිත්තගෙනම කියෙව්වා ... අනේ මේ පේපර් උස්සන්න ඔය එක එක්කෙනාගේ තනියට යන්න ,අනේ මටනම් බෑ ඔක්කොටම වඩා එපාවෙන්නේ ලොකු කොල්ලෝ දෙන චොකලට් කන්න ගියාම ....මට හැදෙන ලෙඩේ හොයාගන්න බැරිවෙනවා .
අනේ විකාර කියවන්න එපා කිරි අපි මේ හදන්නේ ඔයාට පොඩි මේකප් පාරක් දාන්න .... අක්කි නැලවිලා කියපු දෙයින් මට පිස්සු පීකුදු උනා ... මො..මොකක් තමුසෙට පිස්සුද ..? පව්ඩර් බබා වගේ ඉන්නකොට පොඩි එහෙම මේ පැත්තේ ආවොත් වසලා හමාරයි විලිලජ්ජාවේ සන්තෝසේ බැරිව මම මැරෙන්නේ... හරි හරි එයා එන්න කලින් අපි ඉවර වෙනවා ..මගෙත් මුනේ ෆෙෂල් එකක් දාලා ඉන්නේ ,අම්මිට රැට උයන්න ඕනිලු ,තාත්තිගේ හම මැරිලා ...
ඔයා උදව් කරන්න මේ මාසෙම මම ඔයාගේ ඇදුම් හෝදනවා ....අන්න එකනම් පංකාදු අදහස එත් එලියට කැමැත්තක් පෙන්නුවේ නැති මම ඔලුව දෙපැත්තට වනුව... රු 1000 යි මාස දෙකක ඇදුම් ටිකයි ok නම් මම රෙඩි...මොකද කියන්නේ මම මෝඩ ජෝඩුවගෙන් ඇහුව ...හරි අපි එකගයි කියල අක්කි අර මහා පත කැරට් රවුම් දෙකක් මුනේ ඉලුව ... අම්මා ගහයි බැට්ටේකෙන් කිව්වලු "අඩේ කිරි පස්ට වැඩේනේ උනේ" කියාගෙන පොඩි මගේ කාමරේට එබුනා ...
වදින්න ගිය දේවාලෙට ගොනා ඇනපි... දැන් මොකද කරන්නේ ..මම කල්පනාකරා.... 



__________ මතු සම්බන්දයි __________

කිරාගේ ලව [KiRi'S LoVe] part 4




බස් හෝල්ට් එකට අවා විතරයි මෙන්න කෙල්ල ටැප් එක ඇරියා රෝස පාට කම්මුල් දිගේ හෝ ගාලා කදුළු බේරෙනවා ..මේ මොන බඩකඩිත්තුවක්ද බන් මේ අද උදේ මොකාද බන් ඉස්සෙල්ලම දැක්කේ කියල මම පොඩිගේ දිහා බැලුව. උත් නිකන් එහා ගෙදර මිනිහට හෙන ගහනවා වගේ බාලගෙනම ඉන්නවා ...මේ කෙල්ල අඩන විදියෙන් තව ටික වෙලාවකින් මටයි හෙම්බ හැදෙන්නේ.හරියන්නේ නෑ මේ වෙලාවෙනම් සම්බාව්‍ය පලවෙනි මණ්ඩලේ ගරු රගපෑමක් කරන්නම වෙනවා ...නංගි ඔයාගේ අත අල්ලාගෙන ආපු එකට සොරි ,ඔයා එතන අපහසුතාවෙන් ඉන්නවා දැකල තමයි මම ඒ වගේ වැඩක් කරේ මම ඉතින් එකට සමව ඉල්ලුවනේ ...අනික ඔයා මෙහෙම පාරේ අඩන එක එච්චර හොද දෙයක් නෙවෙයි හරිද ? මම නිකන් මහදැනමුත්තා වගේ කියවගෙන ගියා කෙල්ලගේ ටැප් එක නැවතුනා ..හෙමිට ඒ ඇස වලින් මගේ දිහා බැලුව..මෙකිනම් හොද හැටි හින්දි චිත්තරපටි බලන කෙල්ලෙක්ද කොහෙද නිකන් නෙවේ සිංහල උපසිරසි එක්කම කියල මට ඒ බලපු බැල්මෙන් තේරුනා ....කොච්චර දගකාරයෙක් උනත් ඒ ඇස වලින් මට මොනවා හරි කියනවා කියල තේරුනා ...නගා ඔයාගේ බස් එක, මෙච්චර වෙලා සද්ද නැතිව හිටපු පොඩි කට දැම්ම ..යකෝ මුව කොටියම කන්න එපැයි මෙච්චර හොදට වැඩේ වේගෙන එනකොට මු මැද්දට පැන්නනේ හැලපය...අයියට ගොඩාක් පිං කියපු කෙල්ල පිට අල්ලෙන් ඇස් පිහදාගන්න ගමන්ම බස් එකට නැග්ග ...මට ඌරු ජුවල් අස්සේ පොඩි විරිත්තාගෙන බස් එක දිහා බලාගෙන හිටියා..මොකක්ද පගර නාට්ටෝ ඒ කරාපු අසික්කිත වැඩේ ..මම පොඩිගෙන් ඇහුව. මම මොකක්ද කරේ පවුනේ බන් ඒ අසරණ කෙල්ලට සිහියක් තිබුනේ නෑ බස් එක ගැන ඉතින් මම එක මතක් කරා අර බුම්මට්ටෝ දෙන්නට එකී බයවෙලා .... අනේ මේ මගේ කරුමේ කියල මම හිතාගත්තා ,තොට නම් මොලේ කළදක් නැති පිස්සු හරක් නාම්බෙක් ... ආ ඔව් ඔව් උදේ පාන්දර ඇවිත් උබව කුදලාගෙන එක්ක ඇවිත් කෙල්ලෙක් දැකල අතින් අල්ලපු ගමන් තොට පිස්සු හැදුනද , අනික යකෝ අර බලපන් අර බයික් කොල්ලෝ දෙන්න බලාගෙන ඉන්නේ අපි උන්ගේ චුඩ මානික්කේ උස්සන් අවා වගේ තව ටිකක් වෙලා මෙතන නාඩගම් නටුවනම් උබටයි මටයි දෙන්නටම කළුබෝවිල යන්න තිබුන නොමිලේම ..මටනම් හිතෙන්නේ කිරි ඕකුන් දෙන්න ගොනා කෝවිලේ පැත්තේ බුවාලා දෙන්නෙක් පෙන්නේ නැද්ද නිකන් ගංජා පප්පල වගේ මුනවල් තියෙන්නේ ....හරි යකෝ එත් කෙල්ලගෙන් කිසි
විස්තරයක් අහගන්න බැරි උනානේ ඒකිගේ නම මොකක්ද ? කොහෙද ඉන්නේ ? ආයේ පන්ති එනවද ? ශික් තෝ වැඩේ කෑවා ,මම දුකින් වගේ එහෙම කිව්වම පොඩිගේ මුනත් කළු උනා ...ඔව්
නේ බන් රුපසුන්දරී මොන දිපන්කරේද කියල අහගන්න බැරි උනානේ ..ඇත්තම කිව්වොත් කිරි අරුන් දෙන්න දැක්කම මගේ බඩ දගලන්න වගේ ගත්තා ...බයකට නෙවෙයි උබ ඉතින් දන්නවනේ
අනේ පලයන් යන්න ගමකට ගහන්න කතාව මොකක්ද යකෝ ඒ හැසිරීම දැන් ඉතින් මොනවා කරන්නද යමන් අපිත් ගෙදර ...මම පොඩිත් එක්කම බස් එකට නැග්ග .වැඩිය සෙනගකුත් නැති ඒ වෙලාවේ අපේ ඉස්සරහ සිට් එකේ හිටියේ කොන්ඩේ ස්ට්‍රේට් පාරක් දාපු කෙල්ලෙක් ...මේ මොන වසන්ගතයක්ද බන් මේ ,මේකිගේ කොන්ඩේ ඔක්කොම මගේ කටෙයි මුනෙයි හැමතනමනේ පොඩි අඩාවැටෙන්න ගත්තා ..අක්කි මේ අපි මේ ගෙදර යන්නේ අම්බානෙකට බඩගිනිවෙලා ,කොල්ලොන්ගෙන් ගුටිකන්නත් ගිහින් ඒ කන්නේත් නැතිව ගෙදර යන්නේ අම්මා හදන බත් වෙල කන්න ,හැබැයි මේ යන විදියට බහින තැන වෙනකොට අපිට බඩපිරෙන්නේ ඔයාගේ ලෙන්ඩි කාල කෙල්ලගේ උරහිසට තට්ටු කරාපු පොඩි කියවගෙන කියවගෙන ගියා ...මටත් පොඩි හිනාවක් ගියත් කෙල්ල දැකපු ගමන් හිනාව හොරු අරගෙන ගියා වගේ නැවතුනා .... කිරි ඔයා ?කියල කෙල්ල අපේ පැත්තට හැරුනා විතරයි පොඩිත් ලොකු හුස්මක් හිරකරගෙන සිට් එකට හේත්තු උනා ... ශලිනි අක්කි ඔ..ඔයා කොහෙද මෙහෙ ..? මම පට රටවලගෙන හිමින් ඇහුව... මම මේ ඔයාලගේ ගෙදර යනගමන් පැටියෝ කියල අක්කි පොඩිගේ දිහා බැලුව ..කවුද මේ ඔයාගේ යආලුවෙක්ද ? ඔව් අක්කි මේ
විහග අපි ආදරේට කියන්නේ පොඩි කියල ..පොඩි මේ ශලිනි අක්කි අපේ අයියගේ ..කියල මම පොඩිට ඇහැක් ගැහුවා ...සෙවල හිනාවක් දාගත්තු පොඩි ආයෙත් කතාවට එන්ටර් උනා ... අක්කිගෙ කොන්ඩේ නම් පංකාදු පහයි ,හරිම ලස්සනයි කොහෙන්ද අක්කි කරේ ..අපේ අක්කිටත් කරන්න කියන්න ඕන .... මු මිට කලින් තියපු දෙස් ටිකයි දැන් කියපු එවයි මම හිතින් සංසන්දනය කරා ....
ඉතින් කිරි ඔයා කොහෙද ගියේ කෙල්ලෙක් බලන්නවත් ගියාද ..? ශලිනි අක්කි මගේ පැත්තට
හැරෙනගමන් ඇහුව . චි චි අක්කි කෙල්ලෝ කියල නාමයක් අපේ අහලකවත් නෑ අපි මේ බුගොලේ ගැන පොතක් හොයන්න සරසවි ගියා ...අනික අක්කි කෙල්ලෝ කොච්චර පස්සෙන් ආවත් ඉගෙනීමට අපිට තියන උනන්දුව නිසා ඒවා ගැන හිතන්න වෙලාවක් නෑ ....ලෝක අමු කෙප්පයක් පොඩි ආකිගේ ඔලුවට දැම්ම
"බේකරි හන්දියෙන් බහින්න " කොන්ද පිටිපස්සේ ඉදන් කා ගහනවා ඇහුනු අපි හෙමිට සිට් වලින් නැගිට්ට. ශලිනි අක්කිගෙ ඇදුම දැකපු පොඩි මගේ කනට කරලා "සුදුකකුලයි කොට සායයි හරි අවදානම්" කියල කිව්වා විතරයි මට බකස් ගාලා හිනාවක් ගියා ..අපි දෙන්න දිහා බලපු ශලිනි අක්කි මොනවත් හිතාගන්න බෑ වගේ අපේ ලගටම අවා ...මොකක්ද කිරි යාළුවා මම ගැන කිව්වේ අක්කි මගෙන් එහෙම අහනකොට දෙන්න උත්තරයක් මගේ ලග තිබ්බේ නෑ ..ඇයි යකෝ මු කියපු එක කොහොමද කටක් ඇරලා මම කියන්නේ ... හන්දියෙන් බැස්ස අපි ටුක් ටුක් එකක නැගල ගෙදරට ආව ...මගදී අක්කි fab එකෙන් ගෙනාපු කේක් සුවද දැනිල බඩගින්න දෙගුනවෙලා තිබ්බේ . ලොකු හිනාවකින් අක්කිව පිළිගත්ත අම්මි මගේ දිහා බැලුවේ එච්චර හොද බැල්මක් නෙවෙයි කියල මට තේරුනා ..
මොකක් නමුත් ලොකු සුනාමියක් එන්න යනවා කියල අපේ ගෙදර ඇයෝ හැසිරෙන විදියෙන් මට හිතුනා ....




__________ මතු සම්බන්දයි ___________

කිරාගේ ලව [KiRi'S LoVe] part 3




















අර මොකද බන් අර ...අර පුස් උරෝ දෙන්න රුපසුන්දරිව වටකරගත්තේ මොනවා කියන්නද දන්නේ නෑ ...උන් ටෝක් කරන ලලනාවද දන්නෙත් නෑ කිරි,පොඩි කියපු දෙයින් මගේ හිතත් පොඩ්ඩක් ගැස්සුනා ...
මොකෝ කිරි කරන්නේ ඒ පැත්තට බඩගානවද..? නැත්නම් නිහඩ ගමනින් මෙතනින් චුත වෙලා යනවද ..? පොඩි මගේ දිහා බලාගෙන ආයෙත් ඇහුවට උත්තරයක් දෙන සිහියක නෙවෙයි මම හිටියේ ...

කොහොම උනත් උන් දෙන්නට කෙල්ල කැමති බවක් පෙනුනේ නෑ ...එක නිසා කෙල්ල ගැන පොඩ්ඩක් හොයලබලන්න කියල මගේ හිත කිව්වා ....ඒ බන් කිරි කෝ බන් මේ හාමු අපිට කෑමක් සෙට් වෙලා කියල හෙමිට මාරු උනාද ..? 
මු මාර දසයෙක්නේ බන් අපිවත් දාලා කියන්නේවත් නැතිව උගේ නංගි බබා අරගෙන උ මාරුවෙලා. ඒ යක හිතුවත් දන්නේ නෑ උගේ නංගිගේ රූපේ දැකල අපි කුල්මත් වෙලා ඒකිගේ පස්සෙන් ඒවි කියල....
අපතයා ඕකනේ මම කියන්නේ බන් එකට කෑවත් ඕකගේ බෝක්කයි යටිබඩයි දෙකම වෙනස් කියල ...

පොඩි දාගෙන කියවද්දී මම බලාගෙන හිටියේ අර කෙල්ල දිහා ,අලි පැටවූ වගේ ඉන්න මරුමුස් කොල්ලන්ට බයේ කෙල්ලගේ ඇස් වලටත් කදුළු ඇවිත් කියල මට තේරුණා...
අහිංසක මුව පැටියෙක් වගේ හතරවටේ බලපු එයා හෙමිට ඉස්සරහට ආව ...කිරි එනපොට හොද නෑ ..ඇදගෙන නානවද..? නැත්නම් උන්ට කියල නාගන්නවද..?කියල පොඩි මගෙන් ඇහුවේ මම බයවෙලා කියල හිතාගෙන... ඒවා කොහෙද මේ කිරි එක්ක ඒවා වානා කිරිගේ හිතට කෙනෙක් වැදුනොත් ඉතින් දන්නවනේ මල්හතයි පාරෙන් එකයි වගේ තමයි....බයික් එකේ ආපු හැලපයෝ දෙන්නා ආයෙත් කෙල්ලට ලංඋනා ....මේ නංගි නිකන් පුස් පඩ ටෝක් එපා හරිද ..? අහක බලන් යන්නේ ඇයි අපි කළුද ..?වැඩිය ඩාන්ස් දාන්න අවොත් ගහනවා ඔය ලස්සන මුණ ආයෙත් බලන්න බැරිවෙන්න ඇසිඩ් පාරක් හරිද..?දැන්නම් එන පොට හරි නැති විත්තිය මටත් මීටර් උනා...ඔක්කොටම වඩා වැඩේ කියන්නේ පොඩි කටවහගෙන ඉන්න එක . ඊටත් වඩා පාරේ යන එකෙක්වත් ගණන් ගන්නේ නැතිව ඔහේ යනවා...
ඔව් ඉතින් මේ ලංකාවනේ ..මුන්ගේ ඇස් පොට්ටවෙලාද මන්දන්නේනෑ ඇයි යකෝ මේ මහා
ගිනිදවාලේ කෙල්ලෙක්ට තර්ජනය කරනවා මුන්ට පෙන්නේ නැද්ද..හරියන්නේ නෑ ඕන රෙද්දකට සනි වගේ මමත් ගේමට බහින්න තීරණය කරා....මම දැනගත්ත තව ටිකකින් කෙල්ල ටැප් එක අරිනවා කියල .ගෑනුන්ගෙන් කොච්චර අපල තිබ්බත් උන් අඩනකොට මේ කිරිගේ හිත මෙලෙක් වෙනවා....පුරුෂදයිරිය අරගෙන මම උන් දෙන්නයි කෙල්ලයි ලගට කිට්ටු උනා ....
"හංසි අපි යන්...කවුද මේ කොල්ලෝ දෙන්න..?"කෙල්ලගේ අතින් අල්ලාගෙන මගේ පැත්තට ඇද ගන්න ගමන් මම ඇහුව...
එහෙම අහනකොට කොල්ලොදෙන්නගේ ඇස් දෙක උඩ ගියා උන් විතරක් නෙවෙයි පැත්තක හිටපු පොඩිත් ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ බලාගෙන ඉන්නවා ...මේ මොකක්ද යකෝ මේ වෙන්නේ කියල ...මමත් කෙල්ලගේ අතින් අල්ලාගෙන පාර දිගේ ආව,පුදුමේ කියන්නේ කෙල්ලත් සද්ද නැතිව එනවා කෙල්ලට පිටිපස්සෙන් පොඩිත් වශී වෙලා වගේ එනවා ...අර කොල්ලෝ දෙන්න බයික් එකෙන් බැහැල විකාර වෙලා වගේ ඉන්නවා ..බස් හෝල්ට් එකට එනකම් කෙල්ලගේ අත අතෑරියේ නැති මන් එතැනදී කෙල්ලව අතැරලා සොරි කියල කිව්වා....
__________ මතු සම්බන්දයි ___________

කිරාගේ ලව [KiRi'S LoVe] part 2



බලාපන්කෝ කිරි ගගක් ගලනවා වගේ යන කෙල්ලෝ තොගේ දිහා ...පොඩි මට කිව්වේ මමයි හාමුයි ඒ පැත්ත කට ඇරගෙන බලාගෙන ඉන්න ගමන්මයි
එයි යකෝ හාමු තොගේ කට වහගනින් ...ශික් විතරක් මැස්සෝ යයි යකෝ කට ඇතුලට ...අනික උබගේ හක්කේ තියන නරක් උණු දත් සෙට් එක කෙල්ලෝ දැක්කොත් උබට කෙසේ වෙතත් මටයි කිරිටයි නම් මේ ආත්මේ කෙල්ලෙක් හොයනවා බොරු ඇ .....පොඩි හාමුට එහෙම කිව්වේ මට කවර් වෙන ගමන් ...
මේ ඉවර වෙලා තියෙන්නේ ලොකු එවුන්ගේ පන්තියක් බන්, හාමු අපි දෙන්නටම කිව්වේ උගේ නංගි ඒ කෙල්ලෝ සෙට් එකේ හිටපු නැති නිසා ..
හැබැයි බන් මේ කෙල්ලෝ අක්කල ,නංගිලා ,ඇන්ටිලා ,ආච්චිලා කියල වෙන් කරන්න තමා අමාරු නේ බන් කිරි ,මුන් ඔක්කොම ඇදල තියෙන්නේ එකම සාම්පලේටනේ වෙනස් කරලා අදුරගන්නනම් ටිනර් පාරක් වත් දාලා මුනවල් ටික හොදවන්න ඕනේ ..
දැන් උදේ පාන්දර මාව නැගිට්ටවාගෙන ,කන්නත් නොදී එක්කගෙන ආවේ පන්ති ඉවරවෙලා යන කෙල්ලෝ පෙන්නන්නද යකෝ ..? මම එහෙම ඇහුවම මුන් දෙන්නගෙම මුනුවල මහා කුපාඩි හිනාවක් ගියා ..
මට කතාව ඉවර කරගන්න හම්බුනේ නෑ වෙඩිල්ලක් වගේ ආපු පල්සර් 135 බයික් එකක කොල්ලෝ දෙන්නෙක් අපි ඉස්සරහම බැක් වීල් කරා ...... යකෝ බලාපන්කෝ මුගේ වැඩ ..මොකෝ කිරි කියන්නේ මම මගේ පුටාර් එක අරගෙන එන්නද..?
පොඩි මගෙන් ඇහුවේ හරියට උ මගට බයිසිකොලේ ගෙනත් තියල වගේ...අනේ පලයන් බන්
යන්න උබ හදන්නේ අපි දෙන්නගේ අනාගතේ නැති කරන්නද තොගේ මලකඩ කාපු හුචක්කුවේ ගිහිල්ල... අනික උබ දැනගනින් අපි තාම බැදලත් නෑ හරිද ..හාමු දීපු ටෝකට පොඩි පොඩ්ඩක් සයිලන්ට් උනා... මට අර බයික් කාරයෝ දෙන්න දිරවන්නේ නෑ කිරි,පොඩි නිහඩ බව බිදිමින් මට කතාකලා... උන් බොට දිරවන්න මොකෝ උබ උන්ව කෑවද ..?ආයෙත් පොඩිට කෙලඋනේ හාමු අහපු ඒ ප්‍රශ්නෙත් එක්ක.... බලාපන්කෝ මේ මහා දවාලේ ලයිට් එකත් ගහගෙන ඉන්නේ නිකන් සේප්පඩ විජ්ජාකාරයෝ වගේ, දෙන්න හිතෙනවා හොම්බෙන් යන්න.... අනේ මේ උබලගේ ගහගනිල්ල මම දන්නවනේ මතක නැද්ද අපේ ලැට් කටාට ගහන්න ආපු වෙලේ උව ෆෝම් කරලා උබල දුවපු හැටි......
ඊට පස්සේ උව මාසයක් විතර කළුබෝවිල ගාල් කරලා තිබ්බ හැටි.... එදත් අපි කෑවනම් තාම ගුටි කනවා.... මම උන් දෙන්නට අපේ අතීතය පොඩ්ඩක් මතක් කරා ....දැන්නම් හරි වගේ අන්න මචන් බාලිකාවියන් තක්සලා දොරෙන් ඉස්සි ඉස්සි එනවා අනේ කෝ අපේ කිරි අයියා කියල හොයාගෙන...පොඩි ආයෙත් වලත්ත
කතාවක් කිව්වා ..මම උ දිහා රවල බැලුවේ මුට කොයි වේලාවේද දෙකක් අනින්නේ කියල වගේ .... ඒ බන් හාමු කවුද බන් අර නුල කැඩිච්ච සරුංගලයක් වගේ එන කෙල්ල බලාපන්කෝ හැටි නිකන් තොරොම්බල් කරත්තයක් වගේනේ බන් මල්ටිලෑක් එකෙත් නෑනේ බන් ඒකිගේ ඇදුමේ තියන පාට... පොඩි කෙල්ලෙක් දිහාට අත දික්කරල කිව්වා ....කෙල්ල දැකපු ගමන් මට වැඩේ තේරුනා ඒ එන්නේ හාමුගේ නගා...තොට නම් තියෙන්නේ මහා මුසල කටක් ..යකෝ ඒ මගේ නන්ගිබබා..හාමු කිව්වේ අඩන්න වගේ ...උබ ඉතින් කලින් කියන්න එපයි ඒ මගේ නංගි කියල ..අනිත් එක අපි දන්නේ නෑනේ උබට ඔච්චර ලොකු 6යෙ 4රෙ නංගියෙක් ඉන්නවා කියල. අනික හරි බබා උස්සන්න දොබකරයක් ගෙන්න වෙයි...පොඩි ආයෙත් උගේ ටකරමට ගල් ගහන්න පටන් ගත්තා ...ඔව් උබ මට කියන්නේ ආපු ගමන් උබවත් අතින් අල්ලාගෙන පන්තිය ඇතුලට ගිහින්
නංගිව පෙන්නලා අර ඉන්නේ මගේ නංගි කියල කියන්නද යකෝ ...මගේ නගාව මම හැදුවේ බබා වගේ කොල්ලෙක්ගේ හුලගක්වත් මම මගේ නගාට වදින්න තිබ්බේ නෑ ඒ තරමට පරිස්සම් කරා හාමු එහෙම කිව්වේ අහස දිහා බලාගෙන ...අනේ නිකන් පලයන් බන් යන්න ඒ කියන්නේ
උබලගේ නංගිට ඉන්න
වෙනම තැන් හදල තියනවද මේ ලෝකේ කොල්ලෝ නැති ....ඒ මේ බලපන්කො කිරි මු දෙන ටෝක අනික උබ පිරිමියෙක් නෙව්යිද ..? උබගේ හුස්ම නංගිට වදින්නේ නැද්ද ..? නේ බන් කිරි ආ මන් කියන්නේ බොරුද..? "කිරි කිරි" උන් දෙන්න බැනගන්න අතරේ මගේ ඇස දෙක හරහා බොක්කටම
වොට් 33000හ දෙකෙන් වැඩිකරපු කරන්ට් එකක් වැදුනා මුණ හරියට පෙන්නේ නැති උනාට ඉර එලිය වැටිලා කොන්ඩේ ලා තබ පාටකින් දිලිසුනා සල්වාර් කිට් එකක් ගහල හිටිය ඒ කෙල්ලව දැකපු ගමන් මොකක්ද මට උනේ කියල හිතාගන්නවත් බැරි උනා ...මෙච්චර වෙලා පව් දිදී එයාගේ ඉස්සරහින් ආපු ගල්රෝල
වගේ මහත කෙල්ල අයින් උනා ..අනේ අම්මේ මේ දෑස මක්කටෙයි කියල හිතුනේ ඒ වෙලාවේ තමයි මම එකපාරටම එතන හිටිය පොඩිගේ අත තද කරා ...මොකෝ යකෝ කොනිච්චන්නේ කෙල්ලෙක් වගේ ...උබ මගේ හිරිඔතප් බිදින්න හදනවද ..? පොඩි ආයෙත් කච කචේ පටන් ගත්තා ..
අර බලපන්කො බන් පිස්සු හැදිලා හොදවෙලා ආයෙත් හැදෙනවා බන් ...මම පොඩිට කෙල්ල පෙන්නුවා..අඩෝ පට්ටයි ඇ කවුද බන් ඒ රුප සුන්දරී ..? මාරයි බන් ..පොඩිත් හොල්මන් වෙලා කියල මට තේරුනා ...කෙල්ලට අපි ඉන්න තැනට එන්න තිබ්බේ අඩි 10ක් 15ක් විතර එකපාරටම
අර කරුමක්කාර බයික්කාරයෝ දෙන්න කෙල්ල ලගට ඇවිත් බයික් එක නැවැත්තුව ....... 

__________ මතු සම්බන්දයි ____________


කිරාගේ ලව [KiRi'S LoVe] part 1




















උදේ පාන්දර නැගිට්ටේ කවුද අපේ ගෙදර ඉස්සරහ මහා හයියෙන් ටකරමක් හොලවන සද්දේ ඇහුනු නිසයි ...මොන මුසලයද දන්නේ නෑ
නැගිට්ටත් එකේ බුකිය වටේ පොඩි රවුමක් ගහන්න කියල ලප අතට ගත්ත විතරයි මෙන්න යකෝ පොඩිවිජේ විරිත්තාගෙන මගේ කාමරේ දොරලග ..
"මොකක්දබන් කිරෝ ලොකු ළමයෙක් වෙච්ච කෙල්ලෙක්වගේ ඇදේ දපාගෙන ඉන්නේ ලැප් එකක් අතගගා"
ඇයි තෝ උදේ පාන්දර ආවේ මම ලොකු ළමයෙක් උනාද කියල බලල යන්නද ..? මම එහෙම අහපුවම මිනිහ පොඩ්ඩක් අප්ෂට් ගියා ...එත් ඉතින් දැන දැන
පරාජය පිළිගන්න එකෙක් නෙවෙයිනේ මේ කිරා .
හරි දැන් කියපන් උබ මොකෝ මේ පැත්තේ බඩගෑවේ ..? මම පොඩිගෙන් ඇහුවේ වෙනද මුව කියලවත් ගෙන්න ගන්න බැරි නිසයි ....
ඔන්න ඕකනේ කිරි සහෝදර ප්‍රේමය වෙනුවෙන් උබව බලන්න ආවම උබ එන්නේ රොන් ටෝක් දාගෙනනේ ... පොඩි කියපු විදියෙන් මටත් ටිකක් අවුල් ගියා
හරි හරි කියපන්කො තොරණේ විස්තරේ ...මොකක්ද මගෙන් වෙන්න ඕනේ කාට හරි අන්චියක්ද..?මම එහෙම ඇහුවම පොඩිගේ මුණ එලිය උනේ මහා ජරා විදියට .
මේකයි කිරි විස්තරේ එක බඩවැල කඩන් ආවේ නැති උනාට උබයි හාමුයි මමයි පොඩි කාලේ ඉදන් එළ ෆෙන්තොනේ ආ නැද්ද ....
හරි හරි පම්පෝරි නවත්තල කියන දේ කෙලින් කියපන් ....මම එහෙම කිව්වේ මු දෙයක් කියන්න ගියොත් එක කියන්නේ අග ඉදන් මුලට කියල දන්න නිසයි ..
කිරි ඉස්කෝලෙත් නිවාඩු නිසා යමන්කෝ පොඩි රවුමක් ගහන්න ....හාමු තව ටිකකින් මෙහාට ගාටනවා කිව්වා තුන් දෙනාත් එක්ක වලක් බහිමු ...මු එහෙම කිව්වම මට නැට්ටට තද උනා ....අනේ මේ උබලගේ වල ...තොපිල එදා කරාපු දේ මට මතකයි ..මතකනේ මළගෙදර මම තනියම හිටපු හැටි ... හරි හරි බන් මිනිස්සු අතින්නේ වැරදි වෙන්නේ ඒ වගේම තමයි සමාව දෙන්නේ දෙවිවරු, උබනේ බන් අපේ දෙයියා ....අනේද කියන්නේ හොද වෙලාවට මම තාම උදේට කාවේ නෑ අපේ අම්මගෙන අහපන් පාන් ගෙනාවද කියල උබ ගාපු බටර් ටික එකේ ගාගෙන කන්න ...
අනේ අනේ බන් කියන දේ අහපන්කෝ මමයි හාමුයි තීරණය කරා බොට හොද කෙල්ලෙක් සෙට්
කොරන්න ....පොඩි එහෙම කිව්වම මට නිකන් පිස්සු වගේ උනා ...ජීවිතේට කරාපු දේවල්ද මේ ..
අප්සට් ගන්න දෙයක් නෑ හාමුගේ නංගිට අද ක්ලාස් අපිත් බහිමු ඒ පැත්තේ, එතකොට හාමුගේ නංගිගේ යාලුවෙක්ට හරි ටෝක් කරන්න පුළුවන්නේ ....මට මේ එකක් කියපන් දැන් උබල දෙන්න යන්නේ මට කෑල්ලක්
සෙට් කරන්නද ..? නැත නම් උබල දෙන්නට කෑල්ලක් සෙට් කරගන්නද ..? මම එහෙම ඇහුවම පොඩි අබරුන ...හරි බන් අපි තුන් දෙනාටම ...
දැන් උබේ ඔය මුණ හොදට හෝදලා පවුඩර් ටිකක්වත් දාගනින් ඔය උපන් කළු පාට යන්න පොඩි එහෙම කිව්වේ මගේ ඇදේ හාන්සි වෙනගමන් ....
සටපට ගාලා ලැස්ති උන අපි දෙන්න පාරට බහිනකොටම හාමුත් අපේ ඉස්සරහට හම්බ උනා ....ඔන්න කිරි උබට පොඩි විස්තරේ කියන්න ඇතිනේ ,අද ඉදන් බොට කෙල්ලෙක් වැටෙනකන් අපි පිකටින් ....
ආයෙත් අහල එකනේ හාමු මමත් මේ කිරියට කිව්වේ හරි හමන් කොල්ලෙක් නම් දැන් ශිෂ්‍යත්වේ ලියන කොලුපැටියෙකුත් හදල ...මෙච්චර වෙලා සද්දනතුව හිටිය පොඩි උගේ කට ඇරිය ...
මේ තොපි දෙන්නගෙම ටකරම් වහගෙන යන දේවාලෙක යමල්ල ...මම එහෙම කිව්වේ නැත්නම් රෑ වෙනකන් මුන් දෙන්නගේ බයිලා අහන්න වෙන බව දන්න නිසයි .
තටමල තටමල නුගේගොඩ එනකොට හවස 3 විතර වෙලා ....බලපන්කො කිරි අනිත් දවසේ මෙහෙම එනවනම් කලින් දවසේ ඇවිත් මේ කොහොහරි නැවතිලා ඉන්න ඕනේ ..බලපන්කෝ ගල්කිස්සේ ඉදන් මෙතනට එන්න ගියපු වෙලාව ....පොඩි එහෙම කියනගම උගේ සැටලයිට් එක හතර වටේ කරකවනවා මම දැක්ක .....යකෝ තෝ ඔහොම ඔලුව කරකවන්නේ නිකන් සේවලයෙක් වගේ
තොට මිමැස්මොරේ හැදිලද...?මම ඇහුව. එයි බලපල්ලකො මේකට එන කෙල්ලෝ ගොඩ වයස 10 ඉදන් 60 වෙනකන් ඕනෑම වයසක කෙනෙක් ඉන්නවා ආසාවේ බෑ බන්. එහෙම කියනකොට පොඩිගේ ඇස් දිලිසෙනවා මම බලාගෙන..ඔව් ඉතින් බොට චිත්ත කෑල්ලක් පෙන්න බෑනේ..හාමුත් කතාවට එන්ටර් උනා...අනේ ඔව් මටනේ චිත්ත පෙන්නන්න බැරි එතකොට තෝ හැමදාම රෑට සමුලගාතනේ කරන්නේ පාර අයිනේ ටැප් එකේ නාන ඇන්ටිලා දිහා බලාගෙන...පොඩි එහෙම කිව්වම මටත් හිනා ගියා...බලපන්කො කිරි මු දාන ටෝක් කාට හරි අහුනනම් මගේ සායම
ඉවරයිනේ හාමු අඩන්න වගේ කිව්වා.
ඒයි ඒයි අන්න බලපන්කො අර .....පොඩි අත දික්කර පැත්තට මමයි හාමුයි අපේ ඔලු ගෙඩි 2ක හැරෙව්වා.........
__________ මතු සම්බන්දයි ____________

Friday, September 13, 2013

හිරට කොටට


















මේ දවස් ටිකේ මලගෙදරදී දැක්ක දේවල් නිසාත් ලියන්න කියල හිතේ තිබ්බ දෙයක් නිසාත් මේ ලියන්න යන දේ ගැන මම සැරයක් දෙකක් නෙවෙයි දහ වතාවක් විතර හිතුව.... ඒත් අන්තිමේ ඕන බම්බුවක් වෙන්න ලියනව කියල හිතුව.. මේක සම්පූර්ණම මගෙ පුද්ගලික මතයක් විතරමයි... කාටවත් උපදෙස් දෙන්නවත්, මේක බලල හැදෙන්න කියන්නවත්නම් නෙවෙයි මේක ලියන්නෙ. ගොඩක් කෙල්ලෝ කැමතිනෙ තමන්ට තියෙනවට වඩා පෙන්නන්න... දන්නවනේ මම මුකක් ගැනද කියන්න හදන්නේ කියල... මළගෙදරට ගෑනු ළමයි ටිකක් ඇවිල්ල හිටියා කස්ටියට ඔක්කොම ලොකුවට පෙන්වන්න කියල හිරටම ඇඳන් ඇවිත්.. ඒක ලස්සනයි කියල හිතේ... අනේ මන්ද... ඇඟටම ඇලෙන්න ඇඳන් වස කැතයි.. කෙනෙක්ට හිතෙන්න පුලුවන් ටිකක් මෝස්තර කලාම "ගොඩයන්ට මැජික්" කියල... ඒත් බන්ස් මටනම් තේරෙන්නෙ නෑ ටිකක් ඇඟ පෙන්නන එක හරි, එහෙම නැත්නම් කිට් කිට්යේ හිරට අඳින එක හරි ඇත්තටම මෝස්තරයක්ද කියල... කොල්ලෝ බලයි තමා... ඒත් ලස්සනයි කියලනම් නෙවෙයි... කාන්තාව මැවුම් කරු විසින්ම ලස්සනට, හැඩට මවල තියෙනව... පිරිමි අපි වගේ රලු විදියට නෙවෙයි... ඉතින් එහෙම එකේ ඔච්චර විච්චූර්ණ කරන්න ඕනෙ නෑනෙ... බටහිර පන්නෙට අඳින්න ඕනෙ නෑ.. එහෙ මිනිස්සු රස්නෙ කාලෙට රස්නෙ අඩු වෙන්නයි අඩුවෙන් අඳින්නේ... ඒක විලාසිතාවක් විදියට හදාගෙන තියෙන්නෙ ඒක නිසා.. අනික එහෙ අයට ඒවා ගානක්වත් නෑ.. ඒත් අපි, තැනක් නොතැනක් නෑ.. පේන්න ඕනෙ නැති දේවලුත් එක්ක පේන්න තමයි මොස්තර කරන්නෙ... ඒකයි මෝස්තරේ... මොකද බටහිර පන්නෙට ඇන්දමනේ පිළිගැනීම. අනේ ඉතින් රෙද්ද තමයි ..අපි අඳින්න ඕනෙ අපේ රටට, අපිට, පරිසරයට ගැලපෙන විදියට.... මෝස්තර කියන්නෙ ඇන්දම කිසි අපහසුවකින් තොරව ඉන්න පුලුවන් දේවල් මිසක්, හරිම අපහසුවෙන්, වාඩි වෙන්න බැරුව, ඇවිදින්න බැරුව, නැමෙන්න බැරුව ඉන්න කරන දෙයක් නෙමෙයි... එහෙම උනාම එක මල විකාරයක් මිසක් මෝස්තරයක් වෙන්නෙ නෑ. අනිත් එක තමන්ගේ ඇඟ පෙන්නන එක මෝස්තරයක් නෙවෙයි... ඒක වෙනම දෙයක්... මමත් පිළිගන්නව ගෑණු ළමයි මෝස්තර කරන්න ඕනෙ.... නැතුව ඉතින් හැට පැන්නම විලාසිතා කරන්න කියලද.. ඒ උනාට දෙයක් කියන්නම් කෙල්ලට තියෙන්න ඕනි ගෑනු ගතිය මිසක් කොලු ගතිය නෙවේ.... :D

------------- කිරා -------------

මිතුරාගේ සමුගැනීම



























මොනවහරි ලියන්න ඕනේ උනත් මොනවා ලියන්නද කියල මට තේරෙන්නේ නැහැ බන්ස් මගේම ඇගිලි මට අකීකරු වෙලා. හදට සමීපම ලගම මිතුරෙක් නොසිතූ මොහොතක, නොසිතූ විදියට මේ ලෝකේ අතැරලා ගියාම ඇස් වලට එන කදුළුවලට ඉඩ දීලා නිහඬව ඉන්නවා ඇර මොනවා කියල ලියන්නද කියල හිතාගන්න බැහැ.. මට ගමයගේ ළෙංගතු කටහඬ තාම ඇහෙනවා වගේ. පොඩි කාලේ ඉදන් එකට කල්ලි ගැහි අප හා එක්ව කළ කී දෑ මතක් වෙයි. උබ කෙතරම් හොඳ ගතිගුණවලින් යුතු මිතුරෙකු වුනාද.. ගොඩාක් හොඳ මිනිස්සු දෙවියන් ඉක්මනින් තමන් වෙතට ගෙන්නවා ගන්නවා කියල කියනවා. උබටත් උනේ එහෙමද බන්... ඉතින් මචු උබ අද නැත. අප පමණකි. මරණයේ වේදනාව දැනෙන්නේ ජීවත් ව සිටින්නන්ටය යන්න සැබෑවකි. අපි ඒ යථාර්ථය අත්විඳිමින් සිටින්නෙමු... ගමයා හොඳ බොක්කක්. උ යහළුවන් ළඟට එන්නෙ සැපේදී පමණක් නොවේ. දුකේ දී අන් සෑම මොහොතකටම වඩා අපිට ළංව හිඳී. ඔහු ඉරිසියකාරයෙකු වූයේ නැත. හිතේ එකක් තබාගෙන උඩින් එකක් පෙන්වන ආකාරයේ පුද්ගලයෙකු නොවීය. එක ඔහු ජීවිතයෙන් සමුගත් මොහොත තෙක් ම පැවතුණු හොඳ ලක්ෂණයකි. බොරු සෝබනයට, කැපී පෙනෙන්නට යාමේ ගතියක් කවර කළෙකවත් ඔහුගෙන් පෙනුනේ නැත. කා සමඟවත් තරහ වන්නට ඔහුට වුවමනා උනේ නැත. එසේ තරහ වුවත් ටික දිනකට පමණි...ඔහුම පැමිණ අපිත් සමග කතාකරයි.. කෙතරම් නරක පුද්ගලයන් ඇසුරු කළත්, කවදාකවත් වැරදි වැඩ කරන්න ගියේ නැත. නරකට ඇබ්බැහි වූයේ නැත. ඕනෑ ම හොඳ වැඩකටයුත්තක දී ඔහුගේ දායකත්වය අඩුවක් නැතුව ලැබුණි..ප‍්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව, මොහොතක් මොහොතක් පාසා අපේ ඇස්වලින් රූරා වැටෙන කඳුළු බිඳු සාක්ෂි සපයයි. ඔහු ගැන ලියන්න බොහෝ දේ තිබුණත්, වචන එකතුකර ගන්නට මට තවමත් ශක්තියක් නැත. මේ වචන කිහිපය පවා ගැටගසා ගත්තේ අමාරුවෙනි."මං කවදාවක්වත් මේ වගේ සටහනක් උඹ වෙනුවෙන් තියන්න හීනෙකින්වත් හිතුවෙ නෑ මචු". ඒත් දෛවයේ සරදමකට ඒ දේ කරන්න සිද්ධ වුණා. කවදාවක්වත් හතුරෙකුටවත් දුකක් නොදුන් උඹ, ළඟින් සිටි අපට දුක් දුන්නෙ අපේ ම පවක් නිසා වෙන්න ඇති...උබ අපෙන් සමුගත්තේ හදිසියේම උනත්, උබ අපිට ඉතිරි කර ගිය මතක ගොන්නට කවදාවත් සමුගන්නට අපි සෙට් එක ඉඩ දෙන්නේ නැත. මක්නිසාදයත් අපි අතර උබේ තැන ගැනීම වෙන එකෙක්ට හීනෙන්වත් සිතන්න බැරි දෙයක් නිසාවෙනි...

දයාබර සොයුරාණෙනි, අවසන මට කළ හැක්කේ එකම එක ප‍්‍රාර්ථනයක් පමණි. ඔබට නිවන් සුව...!!!
 

------------- කිරා ---------------

Sunday, September 8, 2013

කිරිගේ අනුරපුර ගමන 2





















ඔන්න ඉතින් ආයෙත් ගමන පටන් ගත්තා අම්මිලා තාත්තිලා ලග ඇබරි ඇබරි හිටපු කෙල්ලෝ සෙට් එකත් අපිට විරිත්තන්න පටන් ගත්තා ..ඕක ඉතින් කෙල්ලොන්ගේ හැටියක්නේ මුකක්වත් කෙලින් කියන්නේ නෑනේ ...අපිත් ඉතින් ගණන් ගන්නේ නෑ වගේ පාඩුවේ කයියක් ගහගෙන ගියා අපේ නිහඩතාවේ ඉවසගන්න බැරුවද කොහෙද බස් ඩ්‍රයිවර් අයියා දැම්මේ නැතා බස් අජිත්ගේ පිස් එකක් අප්පේ එක අහල මට වමනේ යන්නත් ආව ...අපේ හැගීම් ඇහැ දෙපැත්තෙන් බේරෙනවා ඕකගේ සින්දු අහලා ...අයියේ අපි සින්දු කියන්නම් ඔය කරච්චලේ නවත්තන්න කියලා පටෝන් කා ගහලා කිව්වා ඩ්‍රයිවරයට කට කහනවට මු එහෙම කිව්වද මන්ද ඇයි යකු ඉස්සර මොන්ටි ගිහින් වත්තට යන්නම් මලක් කඩන්නන්ම් කිව්වට පස්සේ සින්දුවක් මිමිනුවා මතකයක්වත් නෑ...මම පොඩිගේ දිහා බැලුවේ පටෝන්ට සොට් එක දෙමුද කියල අහන්න ඇයි යකු දැන් කෙල්ලෝ ටිකත් බලන් ඉන්නේ අපි සින්දු කියනකන් මගේ අදහස තේරුම් ගිහින්ද කොහෙද පොඩිටත් ජරා හිනාවක් ගියා ... "කෝ කිරි සින්දු අපිට පාලුයි" කොහෙන්ද ඉදලා ආපු ටකරම් කටහඩක් ඇහිලා මම ඩීම් වෙලා ගියා කවුද යකු ඒ ..? සද්දෙනම් පුරුදුයි වගේ එත් මම හිතන කෙනා මේකට නැග්ගේ නෑ නොවැ ... තමුසෙලට බැරිනම් අපි කියන්නද .. මෙන්න යකෝ දන්නේ තොරණ නියමට පෙන්නේ අපේ ජෝජෝ නගාගේ සුන්දර මිහිරි හඩනේ අපිට ඇහිලා තියෙන්නේ ඒ තරමට කන කිං ගානවා තාම ...අනික අපේ ප්‍රාදේශීය විවහරේ අපේ පැත්තේ හොදටම කථනය කරන්නේ ජෝජෝ නගා විතරයි කියල අපි දන්නේ අත්දැකීමෙන් ...කොහෙද ජෝජෝ යන්නේ ඔයා පුල් යන්නද හදන්නේ නාන්න ...? පොඩි අහපු දේ මටත් තේරුනේ නැති නිසා මමත් ජෝජෝ දිහා බැලුව. ඒ මුකො එහෙම අහන්නේ මට නාන්න පුල් යන්න අනුරපුරේ යන්න ඕනිද පොඩි ...එකිත් අතාරින්නෙ නෑ . නෑ ඉතින් ඔයා ඇදන් ඇවිත් තියෙන්නේ නාන්න යන
ගෑනුලමයි අදිනවා වගේ ඇදුමක්නේ එකයි ඇහුවේ .... අනේ අම්මේ දෑන්නේ වැඩේ තේරුනේ . ඔව්නේ අප්පා අම්මපා විලිලැජ්ජාවක් නැති හැටි දැන් කොමද මෙකි අපි ඉස්සරහ වාඩි වෙන්නේ කියල මමත් කලපනා කරා .. කොහොම කොහොමහරි තැන තැන හිටපු අනිත් බවලත් උදවියත් පිටිපස්සේ සිට් එකට ඇවිත් තිබුනා ...කොල්ලොන්ටත් ඉතින් තවත් මොනවද විවා බිලා සංගා හයේ පාරවල් දෙනකොට හිනාවෙනවා වගේ හැලිච්ච දතුත් පෙන්න මුන් හිනාවෙනවා හෝ ගාලා ...ශිකේ හරියට උදේ පාන්දර හිනාටෝපි කාල වගේ ...පොඩිටත් ඉතින් චිත්ත කෑල්ලක් පෙන්න බෑ..ඌ ගිහින් අර ෆ්‍රෙන්ච් කට් එක කපපු කෙල්ල ලග ඉදගෙන හරියට අපිත් එක්ක ආවේ නෑ වගේ .... "කිරි පුතේ පොඩ්ඩක් එන්නකෝ" අම්මි මාව අමතපු නිසා මම පොඩ්ඩක් එතනට ගෑටුව ... පුතේ සින්දුවක් කියන්න අනිත් අයත් එක්ක හිනාවෙලා කතාකරන්න ..ඔයා ඔහොම පැත්තකට වෙලා ඉන්න එපා ..... හෑ මුකක්ද බොලේ අම්මි මේ දොඩවන විකාරේ මම නිකන් ලෝන්තපොල් එකෙක්වගේද පිට එවුන්ට පෙන්නේ ශිකේ අම්මි දන්නේ නැහැනේ මෙතන මහා මොළකාරය මමයි කියල ..:D අවුලක් නෑ දැන් ඉතින් අම්මිගෙන් පර්මිෂන් හමුඋන නිසා මම ආයෙත් මගේ සිට් එකට ආව ...මෙන්න වැඩක් ජෝජෝ එතන ඉදගෙන ... පල පල ජෝජෝ නගිටපිය ඔය මගේ තැන ...මම ගේම ඉල්ලුවා ..දැන් කිරාට කොමත් එකනෙ ... ඇයි ඔයාට මෙතන ලියල දීලා තියනවද ඇ ... අම්මපා මේ වෙලාවට තමයි මට මේකිට දෙන්න හිතෙන්නේ කෙල්ලෙක් කියල බලන්නේ නැතුව හොම්බට දෙකක්... නැගිටපං ජෝජෝ නැත්නම් මම බොට දෙන්නේ පස්සට පයින් හොදද ,,? මම මගේ ලාස්ට් වොර්නින්ග් එක දුන්නා එකිටත් තේරුනා මට තද වෙලා කියලා ...හරි නැගිටින්නම් හැබැයි සින්දුවක් කියන්න ඕනා ok ... හරි හරි මම කියන්නම් කියල ජෝජෝ නැගිටපු ගමන් මම එතනින් වාදී වෙලා ජෝජෝට විරිත්තුව ... කිරි මුකො ප්‍රස්නේ මගේ help එක ඕනිද පොඩි පැත්තකින් එබිලා ඇහුව ...අනේ අපොයි මුට දැන්ද මේක ඇහිලා තියෙන්නේ..අනේ මන්ද බන්ස් උබල දෙන්න පොඩි එවුන් වගේ කොයි වෙලාවේ බැලුවත් රණ්ඩු වෙන්නමයි බලන්නේ ...විනාඩි 5 වත් බොලාට යාලු වෙලා ඉන්න බැරිද ..? ඒ ගමන පටෝන්ගේ පඩි වදනක් ... යකු මුන් දෙන්න කෙල්ලොන්ට පෙන්න මට පොර ටෝක්ස් දෙනවා.. බලන් යද්දී අම්මි කිව්වා හරිනේ වෙනදා පළාතටම ඇහෙන්න  ටෝක්ස් දෙන මන් අද සයිලන්ට් වෙලා... අහෝ දුකකි !! මම නෙවේ බන් ජෝජෝනේ එයා ටකරම වහනවානම් මම ජීවිතකාලේටම යාළුවෙලා ඉන්නම් එකෙන්ම.. හත්තිලව්වේ අර බලපල්ලකො යකු පුදුම අපරාදයක්නේ අර කරන්නේ ..පොඩි කියපු දේ බලන්න කෙල්ලෝ ටිකයි කොල්ලෝ ටිකයි එලිය පැත්ත බැලුව .... මුකො බන්ස් කෝ උබ මුකක් ගැනද කිව්වේ පටෝන් පොදිගෙන් ඇහුවේ මම අහන්න කලින් ...පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා බන්ස් ..මේවනෙ රජ සින් අපි මුනවද බන්ස් දැකල තියෙන්නේ ...ෂාහ් කියල වඩක් නෑ ඇ පස්ටයි... මුට අමු කැවිලද ..මොකක් ගැනද පොඩි උබ ඔය කියන්නේ බැරිම තැන මම පොදිගෙන් ඇහුවේ මු පෙන්නන්න හදන දේ ගැන මටත් මෙලෝ හසරක් තේරුනේ නැති නිසා ... අර බලපන් අන්න මොකෝ උබලා අන්දද ..? 

තාම ඉවර නෑ ඇ තව තියනවා පස්ට සිද්දි අපේ ගමනේ වුනු...:D 
--------- මතුසම්බන්දයි ----------

Friday, September 6, 2013

කිරාගේ අනුරපුර ගමන














මේ දවස් දෙක තුනේ පොඩ්ඩක් සයිලන්ට් උනේ අම්මිලත් එක්ක පොඩි ට්‍රිප් එකක් ගියපු නිසා... මේ ඒ ගමනේ මුල ඉදන් අගට වෙනකන් පොඩි සාරාංශයක්... ඉතින් මචුනේ ගමන යන්න සෙට් උනේ උදේ පාන්දර 3 විතර එහෙම සෙට් උනාට යන්න හදද්දිම තමයි මතක් උනේ පොඩි ආවේ නෑ කියලා මටයි අපේ පටෝන්ටයි හොදට මල ඉතින් බස් එකේ ඩ්‍රයිවර් අයියගේ මුණ බේරී උනේ තව පොඩ්ඩක් ඉන්න කියපු නිසා වෙන්න ඇති කියලයි මටනම් හිතුනේ.. ඔක්කොටම වඩා උරු ජුවල් නැග්ගේ එවලේ පොඩිට කෝල් කරනකොටත් මු නිදාගෙන හිටපු නිසා.... ගොන් හරක් පැටිය කියල ඉතින් මුව මරන්නෙයි කියල බලාගෙන ඉන්න කොට ඔන්න වේලිච්ච මුරුංග කරල වගේ පැද්දී පැද්දී පොඩි ආවා,,, ආපු ගමන් උගේ ඔලුවට හොද පොල් ටොකු 4ක් 5ක් වැදුනට නිදිමතේ හිටපු නිසාද කොහෙද ඒවා ඇන්න රත්තරන් දෑත් කාගේද කියල මිනිහට වැඩිය මීටර් උනේ නෑ..:v අපේ අම්මි ප්‍රමුක සියලු කාන්තාවන්ගෙන් පලාතම නැගිට්ටවන්න තරම් සද්දෙන් ඇහුනු සාදුකාරය මැද්දෙන් ඔන්න බස් එක ගමන ඇරබුව... පස්ට නිදිමතේ හිටියට මුකද ඉන්න ලපටි හුරුතල් කෙල්ලෝ දැකලද කොහෙද පොඩිගේ මුනේ පවුඩර් දැම්ම වගේ සුදු පාට වෙනවා අපිට හොදට පෙනුනා.. වැඩියෙන්ම අපේ එකා line එක දැම්මේ ෆ්‍රෙන්ච් කට් එකක් කපපු කෙල්ලෙක්ට ඒකිව දැක්කම මට මතක් උනේ අපි කෙල්ලෝ ටෝක් කරන්න නුගේගොඩ ගොහිල්ල නැව් ගානකට කන්න සෙට් කරාපු කෙල්ලව.. අම්මපා මේ කෙල්ලත් එකී වගේමයි කියල මගේ හිත කිව්වා .. මටත් නොදනී මගේම මුණ දෙතුන් පාරක් කෙල්ල ඉන්න පැත්තට හැරුනේ ඒ නිසා වෙන්න ඇති .... කොහොම වුනත් සොහොන් පිට්ටනියක් මැද හිටන් ඉන්නවා වගේ උදේ වරුවම මෙලෝ රහක් නැතුව මහා අජුත විදියට ගෙවිලා ගියා... උදේට කන්න නවත්තනකොට කොල්ලෝ ඔක්කොම ත්‍රිපෝෂ පෝලිමේ හිටපු බඩදරු අම්මල වගේ තැන තැන නිදි කොලු කමට පිටිපස්සේ සිට් එකේ ගියාට මටත් හොදටම නින්ද ගිහිල්ල... සිට් එකේ මැදින් වාදී වෙලා ගියේ මම අනේ අපේ ඩ්‍රයිවර් අයියට පිං සිද්ද වෙන්න මිනිහ වැඩිය හයියෙනේ බ්රේක් කොටලා නෑ නිකන් හරි එහෙම උනානම් බස් එකට ඉස්සෙල්ල මම යනවා ඉස්සරහ වීදුරුවෙන් එක මට ෂුවර් මගේ ඉන්සුවරන්ස් එකට වඩා.. හොදම ආතල් වැඩේ කියන්නේ ළමයින් දෙන්නෙක්ගේ තාත්තා වගේ මම මැද මගේ එක පැත්තක උරහිසට ඔලුව තියාගෙන පටෝන් නිදි අනෙක් පැත්තෙන් පොඩි නිදි කෙල්ලෝ ටික නිදාගෙන හිටියේ නැද්ද කොහෙද, මම එහෙම කිව්වේ එකෙක්වත් අපි වගේ ඇස් වලින් කබ කඩනවා අපි දැක්කේ නැති නිසා...:D කන්න බැස්ස තැන සුප්පා ඇ .. ඩ්‍රයිවර් අයියටත් හෙන කලාත්මක හැගීම් තියෙන්නේ කියල අපේ පටෝන් කිවා මට යාන්තමට මතකයි.. ඔව් ඉතින් දැන් මිනිහ බැදලත්නේ ඇත්තේ ඉතින් දැන් කලාත්මක හැගීම් හොදට දැනෙනවා ඇති කියල පොඩි ගත කටටම කිව්වා ...උදේ පාන්දරම මු කිව්වේ කට කැඩිච්ච මුස්පේත්තු කතාවක්නේ.. සිනි සම්බල් පාන් මැදට දාලා... අම්මේ සුවදේ බෑ... ඔක්කොටම වඩා පාන් අල්ලපු කෙල්ලගේ සුවද දැනුනා.. යකු ඒ කෙල්ල බේබි සබන් කොම්පැනියේ වැඩ කොරන කෙල්ලෙක්ද මන්ද .. නැත්නම් එක්කෝ මෙකි සබන් කැටයක් කාලා කියල පොඩි දොඩවනවා... පාන් වාටියකින් මම උට ගැහුවේ අම්මිත් අහල පහල හිටපු නිසා ඇයි දෙයියනේ අම්මිට ඇහුනා කියන්නේ ගෙදර ගියාම සතියකට දෙකකට ලවුඩ් ස්පිකරේ නොමිලේ ඔන් කරගෙන කාමරේ ඇද උද තියාගත්තා වගේ වැඩක් කනක් ඇහිලා ඉන්න හමබවෙන්නේ නෑ... ඉතින් ඔන්න උදේට කාලා කෙල්ලෝ බෝතල් වලින් දාපු වතුර වලින් අත හෝදලා ආයෙත් බස් එකට නැගල අපි ගමන ආරම්බ කොරා ......[තව තියනවා ඉවර නෑ ඇ..:D ]
 
--------- කිරාගේ කතාව මතු සම්බන්දයි -------------

Monday, September 2, 2013

ආදරය සහ පාට



















සාමාන්‍යයෙන් කෙල්ලොන්ගේ ආසම පාට සෝස පාට ආ නැද්ද....? එත් මගේ ආසම පාට නොවුනත් මමත් බොක්කෙන්ම සෝස පාටට කැමති උනා...ඒකනෙමෙයි ,මම දැන් සෝස පාටට ආස නැහැ....කාලයක් මගේ ආසම පාට තමයි සෝස[මගේ හිටපු ලපටි හුරුතලේ කැමති නිසා] ෂර්ට් එකක් ගත්තත් වෙන ඇදුමක් ගත්තත් ගොඩාක් වෙලාවට සෝස පාටට ගැලපෙන පාටක් ගත්තේ හුරුතලේගේ හිත හදන්න...මම වගේ නෙවේ එයාගේ සපත්තු සෙරෙප්පු,හැමදෙයක්ම ඉතින් සෝස පාට තමයි [යකු වල් විදියට හිතන්න එපා ඇ හැමදේම කිව්වේ එළියෙන් පෙන එවුවා ] ඒ කාලෙ පටන් ගත්ත මගේ ආදරෙත් සෝස පාට වුනේ ඒකයි.... ඒත් දැන් මගේ තේරීම[පාට] වෙනස් වෙලා.... සෝස පාට හරිම බොලදයි කියලා දැන් මට හිතෙනවා. සෝස පාට මාව පොඩි ළමයෙක් කරා , නොමේරු , නොගැඹුරු බොලද දේ වලට මාව යොමුකරා කියල මට හිතෙනව.වෙලාවකට බොලද බවත් ආතල් තමයි.... ඒත් දැන් මම එළ කොල්ලෙක් නිසා මම කැමති බොහොම සරලව ඒත් තාත්ත්විකව ලොව දකින්න. ඒක මගේ ගොඩක් ප්‍රශ්ණ වලට උත්තරයක් වේවි. සමහර කොල්ලෝ හිතන පතන විදිහ පස්ටයි ඇ . කෙල්ලොන්ට ඒවා තේරුම් යන්නෙ ටික කාලයක් ගියාට පස්සෙ තමයි.... මට හිතෙන්නෙ කෙල්ලෝ ප්‍රශ්ණ වලින් පැනලා යනව , ඈත් වෙන්න හදනවා , ගනන් ගන්නෙ නැතිව ඉන්නවා කියල.... එතකොට කොල්ලොන්ට දුකයි, තරහයි..... එයාව නම් ඕනම නෑ කියල හිතෙනවා. [මම කියන්නෙ ආදරේදී විතරක් නෙමෙයි, යාළුවො ගැනත් මේක අදාලයි ඇ] ආදරේ ගැන මම තවම හරියට දන්නෙ නැති නිසා මට ඒ ගැන කියන්න බෑ..... මම ආදරේ කරා තමයි .ඒත් ඒ නියම ආදරේ කියල මම හිතන්නේ නෑ. ඉතින් කාලයත් එක්ක අපිට තේරෙනවා ‍එදා මොකද ඒ කෙල්ල නිශ්ශබ්දව හිටියෙ කියල. සමහර විට ඒ කෙල්ලන්ගේම හොදට තමයි ඒ කොල්ලා නිහඩව ඉන්න ඇත්තේ..... සියළු දේ කෙල්ලන්ට තේරුම් යනකොට සමහර වෙලාවට ඒ සුන්දර පිරිමි හිතට ගොඩක් දුක් දීලා ජීවිතෙන් සදහටම පන්නල දාලත් ඉවරයි.මම මේ කීවේ සියළු දෙනා සම්බන්ධව නම් නෙමෙයි..... මට හමුවූ බොහෝ ෆෙන්තොන්ට ඒ වගෙ සොදුරු සිත් තිබ්බා..... ඒකයි මම අදටත් මේ සුන්දර හිතත් අරන් සතුටින් ඉන්නේ. මම හිතනව මම ඒ සියළු දෙනාව තේරුම් ගත්තා කියලා. ඒ ගොඩක් අය මටත් වඩා මට ආදරේ කරපු අය.... ඒකයි එයාලා මගේ හිත හදමින් මගේ වටේටම අද වෙනකන්ම ඉන්නේ. අද වෙන කොට මම හැමදේම වටහා ගත්තා. ඉතින් තවත් මට සෝස පාට නම් එපා...:D

ජීවිතයේ සුන්දර බව



















අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් උනාම කියන තරම් ජීවිතය සුන්දරද බන්ස්... මමනම් හිතන්නේ නෑ ප්‍රශ්ණ ගොඩයි නේද.? මෙලෝ රහක් නෑ, සිතට විවේකයක් නෑ නේද....?වෙලාවකට අප්පිරියයි...ජීවිතේ ගැන සැහැල්ලුවෙන් හිතන්න පුලුවන් නම්. කියන්නනම් ලේසි කියල ඔයාල මට කියයි.... මගේ ජීවිතේ ගැන හිතුවම හිතෙනව මට මොන ප්‍රශ්ණද කියල බන්ස් . කාලයක් සැහෙන්න හිතේ දුකින් වෛරයෙන් කෙල්ලොන්ට මොරාල් ටෝක්ස් දීගෙන හිටිය කෙනෙක් මම.ඒත් ටිකින් ටික ජීවිතේට මූණ දෙන්න ඕන කොහොමද කියල දැන් මට තේරෙනවා. ගොඩාක් සිත් රිදවීම් වලටමුල අපේම වැරදි. ඕනෑම කෙනෙක්ට ඕනෑවට වඩා ලංවුනාමත් ගොඩක් දුරස් වුනාමත් තමයි සිත් රිදවීමි වැඩි වෙන්නේ. ලව සහ කාසිපනම් තමයි ගොඩක් දෙනාගෙ හිත් රිදවීම් වලට හේතුව. බුවෙක් බුවියක් වුනාම කාගෙහරි ආදරයක් ඕන වෙනවා එයාලට ජීවත් වෙන්නත් ඒ ජිවිතේ ලස්සනට ඉදිරියට ගෙනියන්නත්. ඒක අපි බොක්කෙන්ම පිළිගන්න ඕන. ඒත් ගොඩක් වෙලාවට අපි කැමති අය අපිට ආදරේ නෑ ලැඛෙන්නේ නෑ. අපිට ලැඛෙන අයට අපි ආදරේ නෑ. වෙලාවකට මොන රෙද්දක්ද කියලත් හිතෙනවා...මට ඔය වර්ග දෙකෙන් එකක්වත් නෑ බන්ස්. ආදරෙ හොයාගෙන ගිහින් මම ගොඩක් චාටර් වුනා. ලැබුනෙ සිත් රිදවා ගැනීම් විතරයි. ආදරයක් නැතිව සිද්ධ වෙන මොත්තේ කසාදයකින් තේරුමකුත් නෑ... ඉතින් ඒ නිසා මම තනියෙන්..... ගැහැණු ළමයෙක් වුනාම ලස්සන වෙන්න ඕන කියන කතාවෙ සෑහෙන්න ඇත්තක් තියනවා... [ ඔන්න නෑ කියන්න නම් එපා ] හිත කොච්චර ලස්සන වුනත් ගති ගුණ කොච්චර හොද වුනත් දැන් ඉන්න කොල්ලොන්ට ඒවා වැඩක් නෑ... ඒව සමහරුන්ට තේරෙන්නෙ ගොඩක් පරක්කු වෙලා. මම මගේ ජීවිතේට ගොඩක් ආදරෙයි.... වෙන අයට ලබා ගන්න අමාරු දේවල් ගොඩක් මට ලැබිලා තියනවා. මට නැති වෙන අයට තියන දේවලුත් තියනවා. ඒවට ඊර්ෂ්‍යා කරලා මොන සැනසීමක්ද අනේ. මගේ ජීවිතේට ලැබිල තියන දේවල් වල සතුට ඛෙදා ගන්න විශේෂ කෙනෙක් ලග නැති වුනත් ෆෙන්තෝ කිහිපදෙනෙක් ඉන්නවා.... විශේෂ කෙනෙක් ලැබේවි සමහර විට මම ගොඩක් වයසට ගියාම. වයසට යන්න යන්න මිනිස්සු සාධාරණව හිතනවා. නොලැඛෙන දේ වලට නොහඩා ඉන්නත් ,ලැඛෙන දෙයින් හිත හදා ගන්නත්, තමන්ගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නත්,අසාධාරණයට එරෙහිව නැගී සිටින්නත්, අනුන්ට පිහිට වෙන්නත් පුලුවන් නම් ලැබුන ජීවිතේ දුකක් නැතිව ගෙවන්න පුලුවන් කියන එක මේ කිරාගේ හැගීමයි. ජීවිතය ටික කාලයයි බන්ස්. ඒ ටික කාලයේ විදව විදව ඉන්නවද නැත්නම් කාටත් ආතල් දිදී විදිනවද කියන එක තියෙන්නේ ඔයාලගේ අතේමයි. ඇත්තටම බන්ස් ජීවිතේ පස්ට සුන්දරයි මටනම්.....:D

කිරාගේ හැටන් ගමන















හා හා පුරා කියල මමත් හැටන් පැත්තේ පස් පාගන්නයි හදන්නේ [කොමද එළනේ] හෙට ගෙදර ඇයොත් පිරිවරාගෙන තමා විනෝද ගමන මේ කිරියා එන්නේ[උබල හිතන දේ මට තේරෙනවා චාටර් තමයි බන් මෙලෝ රහක් නෑ අම්මලත් එක්ක යනකොට]..කොහේ ගියත් මම fit එකේ හිටියට මොකෝ ....මගේ යාළුවො කියපු විදියට මට මොන ජල්තරස් කෙස් වලට මුණ දෙන්න වෙයිද දන්නේ නෑ .උන් කියනවා "උබ යන පැත්ත නාය යයිලු",තව එකෙක් කියනවා මට "ගල් පෙරලේයිලු",ඒ අස්සේ කෙල්ලෙක් කියනවා "ඔයාව ලිස්සල කන්දකින් පහලට වැටේලු" මේවා ඇහිලා හිත පොඩ්ඩක් කචල් උනාට එලියට ඒ බව පෙන්නේ නැතිවෙන්න ඉබ්බා දැම්ම.....ඔය ඒ පැත්තේ ඉන්න එවුන් මාව දැකල විරිත්තනවා එහෙම නෙවෙයි ගෙදර උදවිය ඉස්සරහ ...මේ කිරියා ලෝකෙට පරකාසේ උනාට ගෙදරට පුස් පැටිය වගේ ඉන්න අහිංසක කොල්ලෙක් ...සායම යවල මාව නොන්ඩි නොකර හිටපල්ලා...:D
අනේ අම්මේ මෙහෙ තියන සනීපෙ ....පොඩි ඉඩම් කෑල්ලක් අරන් එකේ මැද හිටගෙන හිටියත් සැපයි කියල මටනම් හිතෙන්නේ...ඒ වගේද ඉන්න ඉන්න කෙල්ලෝ අනේ අම්මේ එහෙමත් සුදු කෙල්ලෝ මුන් සුදුමැලි වෙලාද ,නැත්නම් සුදු හුණුවත් උලාගෙනද කියල මට සැකයි ඒ තරමට සුදු කෙල්ලෝ පාරේ එහාට යනවා මෙහාට යනවා ....ගෑනු පාර්ශවේ සමග ආරවුලක් තිබ්බට මොකෝ මේ කෙල්ලෝ දැක්කම මටත් අරව මේවා හිතෙනවා කියල ඔන්න මම බොක්කෙන්ම කිව්වා....කොහොම වෙතත් කවුරු හරි නාවන්න තියා ඇදගෙනවත් නානව බොරු පටට සීතලයි මෙහෙ[ හැබැයි ඉතින් අර සුදු කෙල්ලෙක් ඇවිල්ල නාවනවානම් නානවා හෙම්බ හැදෙනකන්]. දැනටමත් මට හෙම්බ හැදෙන්න වගේ නාහේ දැවිල්ලයි ඉන්න බෑ ...මට සැකයි උබල ඔහේ ඉදන් දෙස් තියනවද දන්නේ නෑනේ...කියන්නත් බැරි හරි හාදයෝනේ මගේ වටේ ඉන්නේ.....
සැප කනේ තියාගෙන ඉන්නකොට මෙන්න ලස්සන කෙල්ලෙක් මගේ ඉස්සරහට එනවා ...හතර වරිගයම මතක් කරගත්තු මම ආ නංගි, කියල කිව්වා විතරයි මෙන්න මෙකි පැනපු ගමන් ඇයි අය්යේ තමුසෙට පාන්ඩුවද කියල ඇහුවේ නැත... [යකෝ මුන් කොළබ කෙල්ලෝ වගේ නෙවෙයි නෙව]...මම ඉතින් ලජ්ජාවෙන් බේරෙන්න පොඩි පැණි හිනාවක් දැම්ම ...මේක දැකපු ගමන් කෙල්ලට තද උනේ නැත අයේ නත්තෙටම...මේ අයියේ ගොන්පාට් දාන්න එපා බලනවා තමුසෙගෙ කළු,දත් අන්ද විතරයිනේ සුදු ...අවා මෙතන අපි වගේ කෙල්ලොන්ට ලයින් දාන්න.....විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව තමා මම අයෙත් ගෙස්ට් එකට ආවේ ..කොයිතරම් නැවෙ නැති උනත් කෙල්ල මාව බාල්දියෙන්ම නැව්ව කියනෙකනම් මට බුදු ෂුවර් ...කොළබ කෙල්ලොන්ට කනේ ඇගිලි ගහගන්න දෙස් තියන මට කඩන් වැටුනේ උන් තියපු සාපයක්ද කියලත් මට හිතෙනවා ...කොහොම උනත් මේ කිරි අද කෙල්ලෙක්ට පරාද උනා [එත් ඉතින් කවුද දන්නේ මෙච්චර අහිංසක වගේ ඉන්න සුදු කෙල්ලෝ ඔච්චර නපුරු කියල ]....අම්මපා එල්ලෙන්න ගහකුත් නෑ ඔක්කොම උස ගස්...මම කළු උනාට කට්ට කළු නෑනේ..අනික අපේ පවූලෙන් පොඩ්ඩක් හරි සුදු මම විතරයි නෙව ..අනික සුදු කෙල්ලෝ අස මම වගේ කළු කොල්ලොන්ට කියල මම හිතන් හිටියේ ...ශික් පොලොව පලාගෙන යන්න හිතෙනවා ...කොහෙද ඉතින් කන්දකින් පනින්නත් බයයි..ඇයි ඉතින් පැන්නොත් මාසයක් විතර පෙරෙලෙනවා කියල මෙහෙ එකෙක් කිව්වා ....අනේ මේ මගේ කරුමේ...මම එනවා බන්ස් කොළබ..:v

මොත්තේ යාළුවො



















මම මේ පොස්ටුව ලියන්නේ ගොඩාක් දුකින් , ඒ වගේම තරහින්. ජීවිතේ අපිට හම්බ වෙන මිනිස්සු ගැන තේරුම් ගන්න හරිම අමාරුයි බන්ස්. විශේෂයෙන් මිතුරු වෙසින් එන මොත්තේ මිතුරෝ ගැන.... කොච්චර ඒ වගේ අත්දැකීම් තිබුනත් මට තාමත් හොඳ ෆෙන්තෝ , නරක ෆෙන්තෝ අදුරගන්න බෑ. ඒ තරමටම ඒ අය කපටි නිසාද, නැත්නම් ඒ හැමෝම බොක්කේ ෆෙන්තෝ ගැන හිතන්නේ මම හිතනවා වගේ පස්ට ආදර හැඟීමෙන් කියලා මම හිතන නිසාද මන්දා.. කොහොම වුනත් අද මම මගේ ජීවිතේට ආපු මොත්තේ ෆෙන්තෝ කවුද කියලයි බොක්කේ ෆෙන්තෝ කවුද කියලයි තේරුම් ගත්තා. යාළුකම බොරුවට රඟපාන්න තරම් හොඳ පස්ට ඇක්ටර්ලා අපේ ජීවිතේ ඉන්නවා කියලා මම අද තේරුම් ගත්තා..... ඒ අතරේ ඉන්න ඇත්තටම හදවතින්ම යාළුකම දෙන මගේ බොක්කේ ෆෙන්තොන්ව මට ගොඩාක් වටිනවා.... සද්ද නැතුව මගේ ගැන හොයලා බලන, දුකේදි කඳුලු පිහිදානවට වඩා දුක නොදැනෙන්න මාව සතුටින් තියන , මගේ සතුටෙදි සතු‍ටු වෙන උතුම් යාළුවොත් ඉන්න එක මගේ වාසනාවක්. දුක අහන්න කඳුලු පිහින්න කියලා ඇවිත් අපේ දුක ගැන මුලු ලෝකෙටම කෑගහලා කියන අපතයෝ ගැන මම අද හොඳටම දැනගත්තා, තේරුම් ගත්තා. මෙතනින් අහන දේවල් තව වැඩි කරලා අතනට කියන ජාතියේ ලෝක අන්ඩයෝ මගේ යාළුවෝ ගොඩේ, නිකනුත් නෙවෙයි හොඳම යාළුවෝ කියලා මම හිතපු ගොඩේ ඉන්න බව දැනගත්තම මට හිතුනේ පස්ට දුකක්, ඒත් ඒ වගේ එවුන්ගෙන් මිදුන එකගැන මම සතු‍ටු වෙනවා, වැ‍රැද්ද කරපු එකා හෝ කිහිප දෙනා දන්නවා මම මේ කතා කරන්නේ මොනවා ගැනද කියලා.... උන්ටනම් ගානක් වත් ඇති කියල නම් මම හිතන්නේ නෑ මේක දැක්කත්.මොකද ඉතින් උන්ට ආතක් පාතක් නැති ඇවිදින පොල් පරාලනේ.. එහෙම වෙන්න තරම්වත් උණු වෙන හිතක් ඒ යක්කු ගාව නෑ කියලා මම දන්නවා. මගේ දුක බෙදාගන්න කියලා ඇවිත් අන්තිමේ මගේ දුකට තවත් දුකක් එකතු කරලා යන අන්ඩයොන්ගෙන් මට වැඩක් නෑ.....:'(  මම හොඳටම දුක් වෙන බව දැන දැනත් ඇයි යකු එහෙම කරේ,. මට හිතාගන්න බෑ. ඇයි එහෙම කරන්නේ... ඇයි බන්ස් මටම මෙහෙම වෙන්නේ. බොක්කේ ෆෙන්තෝ වෙනුවෙන් ඕනෙ දෙයක් කරන්න ලේස්ති මට හැමවෙලේම ෆෙන්තෙක් නිසා කරදරයක් වෙනවා. කාවහරි කරදරෙන් බේරන්න ගියොත් අන්තිමේ ඒ වැ‍රැද්දත් පැටවෙන්නේ මගේ පිට. ඇයි යකු ලගින්ම ඉන්න ගොබ්බයො මට මෙහෙම කරන්නේ. හිතේ තියෙන දුක ඒ කෙනෙක්ට කියන්නේ අණබෙර ගහලා ලෝකෙටම කෑ ගහලා කියන්න උවමනාවක් නැති නිසා. ඒත් ඒක අහන් ඉදපු එකාම අනිත් පැත්තට ගිහින් මුළු ලෝකෙම ගිනි තියනවා නම්.. ඒ යකා හොඳ ෆෙන්තෙක්ද නැද්ද කියන එක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒත් කොහොමද හොද බොක්කක් අදුරගන්නේ. මගේ හොඳම බොක්කක් කියලා අපි හිතපු කෙනාම අපිව රවට්ටනවා නම් වෙන කට්ටිය ගැන කොහොමද බන්ස් විස්වාස කරන්නේ. ඇත්තම යාළුවෙක්ව කොහොමද අදුරගන්නේ.. ඇත්තටම මට තේරෙන්නේ නෑ.. එහෙම කරන්නෙ කොහොමද? මම එහෙම කාටවත්ම කරන්නෙ නැති වෙලත් ඇයි යකු හැමෝම මට මෙහෙම කරන්නේ.පස්ට දුකයි මට. තියෙන දුක යවාගන්නයි මේ පොස්ටුව ලිව්වෙ.....:'(

ජීවිතය විදීම




















අපේ පස්ට ජීවිතය, සමහරු ජිවිතය කියල හිතන් ඉන්නේ ඔහේ ඉන්නන් වාලේ ඉන්නවා,දෙනදේ කාල වෙනදේ බලාගෙන කියලා..... එත් උන් නිකන් ජීවත්වෙනවා විතරයි. අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ බැදපු කෙල්ලට ,කොල්ලට වැඩකුත් නෑ..එත් මේ කිරා දකින විදියට ජිවිතය කියන්නේ ඊට ගොඩක් එහා ගිය දෙයක්....:D වෙන කෙනෙක් ගේ සතුට වෙනුවෙන් ජිවත් වෙන්න පුළුවන් කියල උබලා හිතල තියනවද? නෑනේ ඔව් ඉතින් එකට කොයින්ද වෙලාවක් නේ බන්ස්.. මම නම් හිතුවෙ මගේ සතුට තියෙන්නේ මා ළඟ කියල. මගේ ලග කිව්වේ සාක්කුවේ දාගෙන එහෙම නෙවේ... ඒත් දැන් මට තේරෙනව ඇත්තටම තමන්ගෙ සතුට තියෙන්නේ තව කෙනෙක් මත රැදිල කියල..... ජෝක් නෙවේ බන්ස් එක තමයි පරම සත්‍යය.....තව කෙනෙක්ගෙ ජිවිතේ සතුටින් තියන්න අපිට පුලුවන් නම් ඒ තමා සැබෑ ජිවත් විම. ඒත් මම හිතුවෙ නැහැ මට කවදාවත් තව කෙනෙක් සතුටින් තියන්න පුළුවන් වෙයි කියල...එත් දැන් බලාගෙන ගියාම මගේ වටේ ඉන්න ටික දෙනෙක් හරි මගේ සිතුවිලි නිසා සතුටින් ඉන්නවා කියල මට හිතෙනවා ඉතින් මේ කිරා දැන් ජීවිතේ විදිනව....ඔයාලත් අනිත් අය නිසා විදවන්නේ නැතුව ජීවිතය විදින්න බලන්න ....


ආදරය



















කදුලක්ව ගිලිහුනා....
සිහිනයක පියාපත්...
සුසුමක්ව නැවතිනි....
හදවතේ සුසුමන්....
නොදැනීම මියැදුනා....
ජීවි‍තේන් ආදරය.......<3

Sunday, September 1, 2013

අපේ කාලයේ අහිංසක කිරිල්ලියක්

අපේ කාලයේ අහිංසක කිරිල්ලියක්



මට කොයින්ද බන්ස් කවි සිතුවිලි ....එත් මේක දැක්කම මට හිත ගියා, ගත්තේ මගේ බොක්කේ ෆෙන්තෙක්ගෙන් Pinky Piyumika 
[ මෙකි මට නඩු දාවිද දන්නෙත් නෑ ..hikz :D ]

ලොකු කම හා සෝබනය පෙන්වීම කිරාගේ ඇසින්

ලොකු කම හා සෝබනය පෙන්වීම කිරාගේ ඇසින්

 

 



අනුන්ට පේන්න ලොකුවට හැසිරෙන්නේ මානසික අසහන කාරයෝය. අනුන්ගේ අවධානය තමන්ගේ පැත්තට ගන්න ඕනෑම පජාත වැඩක් කිරීම උන්ගේ ගතියයි....
කොල්ලොන්ද කෙල්ලොන්ට පෙන්න මොත්තේ රැගුම් පාති. මේ නිසා ලස්සන, හැඩරුව හා කැපී පෙනෙන විවිධ සුකුරුත්තන් ජාති හා විවිදාකාරයේ ස්ටයිල් නිතර පහළ වේ.එත් මේවා සේරම බොරු මෝඩ ආතල් වෙන්නේ නැත.ලොකුවෙන් ඉන්නවා කියන්නේ මෙච්චර කාලයක් හීනෙන්වත් දැක්කේ නැති දේවල් තියනවා කියා අනුන්ට හැගවිමය. තම හැකියාවන් හා දක්ෂකම් පෙන්වීම ලොකුකම නෙවේ ඒවා අනවශ්‍යය වෙලාවට අනුන්ට පෙන්නන්නට යෑම ගොන් ආතල් වැඩකි.තමන්ට හැකියාවක් හෝ දක්ෂකමක් තියන කෙනා අනවශ්‍ය වෙලාවල් හෝ තැන්වල දී අනුන්ට පෙන්න එය ප්‍රදර්ශනයකරන්නේ නැත.....හැකියාව තිබෙන කෙනා එය පෙන්වීමට විශේෂ පරිශ්‍රමයක් දරන්නේ නැත. බොරු ලොකුකම් පාන්නේ කිසිම හැකියාවක් නැති එවුන්ය.ගොඩාක් ලොකු ටෝක්ස් දෙන එවුන්ට මෙලෝ මොලේ කළදක්වත් තිබිය නොහැක. එත් දක්ෂකම හා හැකියාව තිබෙන පුද්ගලයා නිහඩව තමන්ගේ මාර්ගයේ ගමන් කරති.
....ඇඳුමට, කතාවට හරි එළියෙන් පෙන ලස්සනට රැවටෙන්නේ තමන්ද ලෝකෙට පෙන්න රගන ආටෝපකරුවෙක් නම් පමණකි.බොරු සෝබනකාරයා තමන්ගේ එළියෙන් පෙන පෙනුම පවත්වාගෙන පස්ට කස්ටක් හා මුදලක් වැයවන බව හොදින්ම දන්නේය. එමනිසා තමන්ට වඩා ඉහලින් බොරු ලොකුව පෙන්වන උන් දුටුවිට අය හෝ ඔහු එම සෝබනයට රැවටෙයි.....තමන්ට වඩා බොරු සෝබන පෙන්වන අය අඳින්නේ ලොන්ඩරියෙන් කුලියට ගත් ඇඳුම් බව හෝ අහිංසක කෙල්ලො රවට්ටන්න යන්නේ ෆෙන්තෙක්ගෙන් ඉල්ලා ගත් මෝටර් සයිකලයෙන් බව හිතාගන්නටත් නොහැකිය..... සල්ලි තියනවා කියා පෙන්වන කොල්ලොන්ට වහා රැවටෙන්නේ ළාබාල හා මොළය කළදක් නැති මෙන්ම සමාජය ගැන මෙලෝ හසරක් නොදන්නා කෙල්ලොන්ය. දිළිසෙන සියල්ල රත්තරන් නොවන බව නොදන්නා ගොන් හරකෙක් මේ ලෝකයේ නැත.... එත් හැමවිටම එයට රැවටෙන්නෙද මෝඩයෙකු නොව බොරු සොබනකාර ලොකුකම් ප්‍රදර්ශනය කරන රටට සමාජෙට සත පහක වැඩක් නැති හද්ද පජාත හිගන්නෙකි. අනේ ඉතින් සහෝදරයෙනි,සහෝදරියනි ලොකුකම් පෙන්වන බොරු සොබනකාර කොල්ලන්ට කෙල්ලන්ට රැවටෙන්න එපා.....අනුන්ගේ දක්ෂකම් ගැන අඩු තක්සේරුවෙන් කතාකරන තමන්ගේ හැකියාවන් හා තමන්ට ඇති දේ ගැන පුරාජේරු කියන අයගෙන් ප්‍රවේසම් වෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි...මේ සමාජය මෙවැනි වංචා කාරයන්ගෙන් පිරි පවතී ,ඔවුන්ට අසුවී තමාගේ ලස්සන අනාගතය අදුරු කර නොගන්න කියා නැවතත් කියමි .......:-)

අපි අපිම රවටා ගැනීම

අපි අපිම රවටා ගැනීම.......











යකු අපි මොන වැඩේ කරත් අවසානයක් වෙනකන් එකා වගේ සහයෝගෙයන් ඒ වැඩේ කරන්න ජීවිතේට පුරුදු නෑ.....අපි සෙට් එකක් එකතු උනොත් කරන්නේ මේ කපේදී කරන්න බැරි පස්ට අමාරු දෙයක් හරි ලේසියෙන් කරන්න පුළුවන් විදියට කතාකරන එකයි...එත් ජීවිතේට ඒ වැඩේ කරන්න පටන් ගන්නේ නෑ ..තමන්ගේ හිත තමන්ම විහින් රවට්ට ගන්නවා...කාගේ හරි හොඳ වැඩක් ගැන එකේ වැරදියි, අඩුපාඩු පෙන්නන ගමන් නැති දේවල් මවල ඒ හොද වැඩේට කෙලවන තැනට වැඩේ දිග්ගස්සන්න අපි පස්ට හපන්ය. හිතට විරුද්ධ කතා කරන්න තියෙන්නේ සිරා ආසාවක්. කාටහරි බාල්දියක් පෙරලන්නේ කොයි වේලාවේද කියල හිතන්නෙත් අපේ හිතට එකගව නෙවේ ඇත්ත කියල හිතන දේවල් මහා ලෝකබොරුයි කියා තවත් කෙනෙක්ව මඩවන්නද අපි නියමය...සිතේ එකක් තියාගෙන කටින් එකක් කියමින් ලෝකෙට පුරසාරම් කියන්නද අපි මාර දක්ෂය...කෙනෙක් අඩන දිහා බලාගෙන කෙල්ලෙක්නම් පැණි හලන්නත් කොල්ලෙක්නම් පුකට පයින් ගහන්නත් අපි බලාගෙන සිටි ....ඉතින් බොලවුනේ ඇත්තටම මේ අපි අපිම නේද .....:D

Saturday, August 31, 2013

ලොකුම ලෙඩ

ලෝකේ තියන ලොකුම ලෙඩ


අනේ ඔයාල  දන්නවද දන්නේ නෑ.මේ ලෝකේ චාටර්ම ලෙඩ වර්ග තුනක් තියනවා. එකක්...අපිට හැදෙන ලෙඩ..අනික අපිට වැටෙන ලෙඩ... අන්තිම එක තමයි අපි දාගන්න ලෙඩ...මම ඉන්නේ ඔය කොයි ලෙඩේ ලගද කියල ඔයාලට හිතාගන්න පුළුවන්නේ ..කොල්ලෙක්ට සප් එක දෙන්න ගිහින් මම ගු උනා ..අන්තිමේදී උත් අනික් පැත්තට ගිහින් අපේ නොකැළැල් යාළුකමට කෙලවගත්ත ...මේ දවස් වල මගේ ග්‍රහය අවුල්ද කොහෙද ...වටේ කරකවෙන්නෙම චාටර් කෙස් නේ...:D

කිරාගෙන් ගෙන් හිතන පතන අයට

කිරාගෙන් ගෙන් හිතන පතන අයට
                                                             
ඔයා ගැන ඔය හිතනපතන විදිය සරි ද? එහෙනම් ඔයා බොක්කෙන්ම ඉස්සරහට යන පස්ට උමමාකැටයක්. මෙලෝ රහක් නැත්තේ රෝන්ග් ටෝක්ස් දාන අයටයි.....
අනෙක් බොහෝ පුරුදු මෙන් ප්‍රශ්න වලින් පලා යෑමට පුරුදු වීම අපේ මේ ජීවිතේ නන්නත්තාර වෙන්න හේතුවක්. ලේහාගන්න අමාරු කෙස් ආවම අපි ඒවාට මුහුණ දෙන්නේ කොහොමද බන්ස්? අපේ ජීවිත හැඩ ගැහෙන්නේ අප කේස් වලට මුහුණ දෙන හැටියි ඒවා ලේහාගන්න ගන්න වේගය අනුවයි කියල මටනම් හිතෙන්නේ......
කොල්ලොන්ට කෙල්ලොන්ට හරි ඕනෑම මනුස්සයෙක්ට අපි සප් එක දෙන්න ඕනේ එයාට ඒක තනියම කරන්නට බැහැයි කියල නෙවේ, තනියම කරන හැටි උගන්වලා පැහැදිලි කරලා දීමෙනි.සමහරු එවුන් දත්මිටි කාගෙන ප්‍රශ්න විසඳීම සඳහා පස්ට කට්ටක් කති. එත් සුටි ප්‍රශ්න වලට බයේ සිටිති. තනිවම තැනකට යන්නට බැරි හා තනිවම යමක් කරන්නට බැරි කොල්ලෝ දැක්කාම අපිට ඇතිවන්නේ දුකක්.එහෙම පස්ස ගහන්නේ නැතුව හේතුව සොයා එය නැති කරගන්න.බයෙන් හෝ හීනමානයෙන් පෙලෙන එකාට ඒවාට උඩින් ධනය හා දියුණුව ගොඩ ගහන්න කොයි තරම් ට්‍රයි කලත් අහුවන්නේ ඉතා ටිකකි. තමාගේ බියගුළු කම වහගන්න කටින් විතරක් මොන්ටි ටෝක්ස් දෙන හැම එකෙක්ම වැඩෙන් වීරකම් නොදක්වන බව අපට පෙනී ගොස් තිබේ. ඔයාගේ ප්‍රශ්නය ඉතා හොඳින් දන්නේ ඔයාමයි. එය විසඳීමේ මාර්ගය ඔයාගේ හිත ඇතුලෙයි. පස්සට යෑම, අදිමදි කිරීම, කල්දැමීම, අන් අය පිට දොස් කීම යන දේවල් ඔයාගේ සිරිතක් නම් එම සිරිත ඉතා බාල පහත් පුරුද්දක් බව තේරුම් ගන්න. .....
වැඩ්ඩේක් වෙන්න ඕනෑවෙන්නේ සුටි වෙනස්කමකි. එකතමයි තමන්ගේ හිත ඇතුලේ තියන බය නැතිකර ගැනීම. අනුන්ගේ අඩුපාඩු හා දුර්වලකම් ගැන නිතර නිතර කියවන්නේ තමන් ළඟ එයටත් වඩා අඩුපාඩු හා දුර්වලකම් ඇති අයයි. ඒ වගේ උන් අනුන්ගේ දුර්වලකම් හා තමන්ගේ දුර්වලකම් සසඳා බලමින් තමන් ඔවුනට වඩා හොඳ යැයි තීරණය කරති. ඒ වගේ උන් ගොන් ආතල් ගන්නවා මිස කිසි කලෙක තමන්ගේ දුර්වලකම් ජයගැනීමට කටයුතු නොකරති.ඕනෑම කෙනෙකුට තමන්ගේ බොහෝ දුර්වලකම් ජයගන්න පුළුවන්, ගතවන්නේ සිත වෙනස් කර ගැනීමට යන සුළු කාලය පමණි.....:D

පටන් ගැන්ම හා පිළිගැන්වීම

ඉතින් මමත් හා හා පුරා කියල බ්ලොග් එකක් හදලා මගේ අදහස් එහි සටහන් කරන්න පටන් ගන්නවා..අද ඉදන් :D ..ඉතින් මොනවා කරන්නත් කලින් මගේ හැමදේම පිටිපස්සේ හිටිය මගේ තාත්තිට ආචාර කරන්න ඕනි කියල හිත කිව්වා [අම්මිත් ඉන්නවා තමයි ]... මගේ සෑම දේටම අත හිත දුන් මගේ තාත්ති වෙනුවෙන් මගේ පලවෙනි පොස්ටුව ඉදිරිපත් කරන්න ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි .
ඉතින් යාලුවනේ මගේ ගොඩාක් වැරදීම් ඇති මොකද මම දක්ෂ ලියන්නෙක් නොවන නිසා...ඉදල ඉදල ලිපියක් දෙකක් ලිව්වට වැඩ්ඩේක් වෙන්නේ නෑ නොවැ ..ඉතින් මමත් එහෙමයි ...මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ අදහස් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනි නිසයි ....ඒ වගේම ඔයාලගේ අදහසුත් මට ගොඩාක් වටිනවා ...මම වැඩිය බ්ලොග් ගැනනම් දන්නේ නෑ ..පුළු පුළුවන් අයියල ,අක්කිලා එහෙම ඉන්නවනම් මට උදව් කරන්න ඔයාලට ගොඩාක් පිං ....
අනේ ඉතින් ඇති නේද මුල් පොස්ටුව ....ලියන්න ගොඩාක් දේවල් හිතේ තිබුනත් ඔක්කොම මේකට ලියන්න බෑ නොවැ ..එක නිසා මම නවතින්නම් ...නැවත හමුවෙමු ...තරුවන් සරණයි....!!!