Monday, September 2, 2013

ආදරය සහ පාට



















සාමාන්‍යයෙන් කෙල්ලොන්ගේ ආසම පාට සෝස පාට ආ නැද්ද....? එත් මගේ ආසම පාට නොවුනත් මමත් බොක්කෙන්ම සෝස පාටට කැමති උනා...ඒකනෙමෙයි ,මම දැන් සෝස පාටට ආස නැහැ....කාලයක් මගේ ආසම පාට තමයි සෝස[මගේ හිටපු ලපටි හුරුතලේ කැමති නිසා] ෂර්ට් එකක් ගත්තත් වෙන ඇදුමක් ගත්තත් ගොඩාක් වෙලාවට සෝස පාටට ගැලපෙන පාටක් ගත්තේ හුරුතලේගේ හිත හදන්න...මම වගේ නෙවේ එයාගේ සපත්තු සෙරෙප්පු,හැමදෙයක්ම ඉතින් සෝස පාට තමයි [යකු වල් විදියට හිතන්න එපා ඇ හැමදේම කිව්වේ එළියෙන් පෙන එවුවා ] ඒ කාලෙ පටන් ගත්ත මගේ ආදරෙත් සෝස පාට වුනේ ඒකයි.... ඒත් දැන් මගේ තේරීම[පාට] වෙනස් වෙලා.... සෝස පාට හරිම බොලදයි කියලා දැන් මට හිතෙනවා. සෝස පාට මාව පොඩි ළමයෙක් කරා , නොමේරු , නොගැඹුරු බොලද දේ වලට මාව යොමුකරා කියල මට හිතෙනව.වෙලාවකට බොලද බවත් ආතල් තමයි.... ඒත් දැන් මම එළ කොල්ලෙක් නිසා මම කැමති බොහොම සරලව ඒත් තාත්ත්විකව ලොව දකින්න. ඒක මගේ ගොඩක් ප්‍රශ්ණ වලට උත්තරයක් වේවි. සමහර කොල්ලෝ හිතන පතන විදිහ පස්ටයි ඇ . කෙල්ලොන්ට ඒවා තේරුම් යන්නෙ ටික කාලයක් ගියාට පස්සෙ තමයි.... මට හිතෙන්නෙ කෙල්ලෝ ප්‍රශ්ණ වලින් පැනලා යනව , ඈත් වෙන්න හදනවා , ගනන් ගන්නෙ නැතිව ඉන්නවා කියල.... එතකොට කොල්ලොන්ට දුකයි, තරහයි..... එයාව නම් ඕනම නෑ කියල හිතෙනවා. [මම කියන්නෙ ආදරේදී විතරක් නෙමෙයි, යාළුවො ගැනත් මේක අදාලයි ඇ] ආදරේ ගැන මම තවම හරියට දන්නෙ නැති නිසා මට ඒ ගැන කියන්න බෑ..... මම ආදරේ කරා තමයි .ඒත් ඒ නියම ආදරේ කියල මම හිතන්නේ නෑ. ඉතින් කාලයත් එක්ක අපිට තේරෙනවා ‍එදා මොකද ඒ කෙල්ල නිශ්ශබ්දව හිටියෙ කියල. සමහර විට ඒ කෙල්ලන්ගේම හොදට තමයි ඒ කොල්ලා නිහඩව ඉන්න ඇත්තේ..... සියළු දේ කෙල්ලන්ට තේරුම් යනකොට සමහර වෙලාවට ඒ සුන්දර පිරිමි හිතට ගොඩක් දුක් දීලා ජීවිතෙන් සදහටම පන්නල දාලත් ඉවරයි.මම මේ කීවේ සියළු දෙනා සම්බන්ධව නම් නෙමෙයි..... මට හමුවූ බොහෝ ෆෙන්තොන්ට ඒ වගෙ සොදුරු සිත් තිබ්බා..... ඒකයි මම අදටත් මේ සුන්දර හිතත් අරන් සතුටින් ඉන්නේ. මම හිතනව මම ඒ සියළු දෙනාව තේරුම් ගත්තා කියලා. ඒ ගොඩක් අය මටත් වඩා මට ආදරේ කරපු අය.... ඒකයි එයාලා මගේ හිත හදමින් මගේ වටේටම අද වෙනකන්ම ඉන්නේ. අද වෙන කොට මම හැමදේම වටහා ගත්තා. ඉතින් තවත් මට සෝස පාට නම් එපා...:D

4 comments:

  1. patta bn mara adahas thiyenne .....mata asa hithenawa...


    http://thilinahimaruwan2.blogspot.com/

    ReplyDelete
  2. Replies
    1. ගයියා අයියා එළ ඇ ..මම නිසාම ඇවිත් දැම්ම කියල මට හිතෙන්නේ ගොඩාක් ස්තුතියි...

      Delete
  3. තිලින මචු තැන්කු ඇ .....උම්මා

    ReplyDelete