Friday, September 13, 2013

මිතුරාගේ සමුගැනීම



























මොනවහරි ලියන්න ඕනේ උනත් මොනවා ලියන්නද කියල මට තේරෙන්නේ නැහැ බන්ස් මගේම ඇගිලි මට අකීකරු වෙලා. හදට සමීපම ලගම මිතුරෙක් නොසිතූ මොහොතක, නොසිතූ විදියට මේ ලෝකේ අතැරලා ගියාම ඇස් වලට එන කදුළුවලට ඉඩ දීලා නිහඬව ඉන්නවා ඇර මොනවා කියල ලියන්නද කියල හිතාගන්න බැහැ.. මට ගමයගේ ළෙංගතු කටහඬ තාම ඇහෙනවා වගේ. පොඩි කාලේ ඉදන් එකට කල්ලි ගැහි අප හා එක්ව කළ කී දෑ මතක් වෙයි. උබ කෙතරම් හොඳ ගතිගුණවලින් යුතු මිතුරෙකු වුනාද.. ගොඩාක් හොඳ මිනිස්සු දෙවියන් ඉක්මනින් තමන් වෙතට ගෙන්නවා ගන්නවා කියල කියනවා. උබටත් උනේ එහෙමද බන්... ඉතින් මචු උබ අද නැත. අප පමණකි. මරණයේ වේදනාව දැනෙන්නේ ජීවත් ව සිටින්නන්ටය යන්න සැබෑවකි. අපි ඒ යථාර්ථය අත්විඳිමින් සිටින්නෙමු... ගමයා හොඳ බොක්කක්. උ යහළුවන් ළඟට එන්නෙ සැපේදී පමණක් නොවේ. දුකේ දී අන් සෑම මොහොතකටම වඩා අපිට ළංව හිඳී. ඔහු ඉරිසියකාරයෙකු වූයේ නැත. හිතේ එකක් තබාගෙන උඩින් එකක් පෙන්වන ආකාරයේ පුද්ගලයෙකු නොවීය. එක ඔහු ජීවිතයෙන් සමුගත් මොහොත තෙක් ම පැවතුණු හොඳ ලක්ෂණයකි. බොරු සෝබනයට, කැපී පෙනෙන්නට යාමේ ගතියක් කවර කළෙකවත් ඔහුගෙන් පෙනුනේ නැත. කා සමඟවත් තරහ වන්නට ඔහුට වුවමනා උනේ නැත. එසේ තරහ වුවත් ටික දිනකට පමණි...ඔහුම පැමිණ අපිත් සමග කතාකරයි.. කෙතරම් නරක පුද්ගලයන් ඇසුරු කළත්, කවදාකවත් වැරදි වැඩ කරන්න ගියේ නැත. නරකට ඇබ්බැහි වූයේ නැත. ඕනෑ ම හොඳ වැඩකටයුත්තක දී ඔහුගේ දායකත්වය අඩුවක් නැතුව ලැබුණි..ප‍්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව, මොහොතක් මොහොතක් පාසා අපේ ඇස්වලින් රූරා වැටෙන කඳුළු බිඳු සාක්ෂි සපයයි. ඔහු ගැන ලියන්න බොහෝ දේ තිබුණත්, වචන එකතුකර ගන්නට මට තවමත් ශක්තියක් නැත. මේ වචන කිහිපය පවා ගැටගසා ගත්තේ අමාරුවෙනි."මං කවදාවක්වත් මේ වගේ සටහනක් උඹ වෙනුවෙන් තියන්න හීනෙකින්වත් හිතුවෙ නෑ මචු". ඒත් දෛවයේ සරදමකට ඒ දේ කරන්න සිද්ධ වුණා. කවදාවක්වත් හතුරෙකුටවත් දුකක් නොදුන් උඹ, ළඟින් සිටි අපට දුක් දුන්නෙ අපේ ම පවක් නිසා වෙන්න ඇති...උබ අපෙන් සමුගත්තේ හදිසියේම උනත්, උබ අපිට ඉතිරි කර ගිය මතක ගොන්නට කවදාවත් සමුගන්නට අපි සෙට් එක ඉඩ දෙන්නේ නැත. මක්නිසාදයත් අපි අතර උබේ තැන ගැනීම වෙන එකෙක්ට හීනෙන්වත් සිතන්න බැරි දෙයක් නිසාවෙනි...

දයාබර සොයුරාණෙනි, අවසන මට කළ හැක්කේ එකම එක ප‍්‍රාර්ථනයක් පමණි. ඔබට නිවන් සුව...!!!
 

------------- කිරා ---------------

No comments:

කිරිගේ අදහස් ගැන ඔබේ අදහස්