Monday, September 2, 2013

මොත්තේ යාළුවො



















මම මේ පොස්ටුව ලියන්නේ ගොඩාක් දුකින් , ඒ වගේම තරහින්. ජීවිතේ අපිට හම්බ වෙන මිනිස්සු ගැන තේරුම් ගන්න හරිම අමාරුයි බන්ස්. විශේෂයෙන් මිතුරු වෙසින් එන මොත්තේ මිතුරෝ ගැන.... කොච්චර ඒ වගේ අත්දැකීම් තිබුනත් මට තාමත් හොඳ ෆෙන්තෝ , නරක ෆෙන්තෝ අදුරගන්න බෑ. ඒ තරමටම ඒ අය කපටි නිසාද, නැත්නම් ඒ හැමෝම බොක්කේ ෆෙන්තෝ ගැන හිතන්නේ මම හිතනවා වගේ පස්ට ආදර හැඟීමෙන් කියලා මම හිතන නිසාද මන්දා.. කොහොම වුනත් අද මම මගේ ජීවිතේට ආපු මොත්තේ ෆෙන්තෝ කවුද කියලයි බොක්කේ ෆෙන්තෝ කවුද කියලයි තේරුම් ගත්තා. යාළුකම බොරුවට රඟපාන්න තරම් හොඳ පස්ට ඇක්ටර්ලා අපේ ජීවිතේ ඉන්නවා කියලා මම අද තේරුම් ගත්තා..... ඒ අතරේ ඉන්න ඇත්තටම හදවතින්ම යාළුකම දෙන මගේ බොක්කේ ෆෙන්තොන්ව මට ගොඩාක් වටිනවා.... සද්ද නැතුව මගේ ගැන හොයලා බලන, දුකේදි කඳුලු පිහිදානවට වඩා දුක නොදැනෙන්න මාව සතුටින් තියන , මගේ සතුටෙදි සතු‍ටු වෙන උතුම් යාළුවොත් ඉන්න එක මගේ වාසනාවක්. දුක අහන්න කඳුලු පිහින්න කියලා ඇවිත් අපේ දුක ගැන මුලු ලෝකෙටම කෑගහලා කියන අපතයෝ ගැන මම අද හොඳටම දැනගත්තා, තේරුම් ගත්තා. මෙතනින් අහන දේවල් තව වැඩි කරලා අතනට කියන ජාතියේ ලෝක අන්ඩයෝ මගේ යාළුවෝ ගොඩේ, නිකනුත් නෙවෙයි හොඳම යාළුවෝ කියලා මම හිතපු ගොඩේ ඉන්න බව දැනගත්තම මට හිතුනේ පස්ට දුකක්, ඒත් ඒ වගේ එවුන්ගෙන් මිදුන එකගැන මම සතු‍ටු වෙනවා, වැ‍රැද්ද කරපු එකා හෝ කිහිප දෙනා දන්නවා මම මේ කතා කරන්නේ මොනවා ගැනද කියලා.... උන්ටනම් ගානක් වත් ඇති කියල නම් මම හිතන්නේ නෑ මේක දැක්කත්.මොකද ඉතින් උන්ට ආතක් පාතක් නැති ඇවිදින පොල් පරාලනේ.. එහෙම වෙන්න තරම්වත් උණු වෙන හිතක් ඒ යක්කු ගාව නෑ කියලා මම දන්නවා. මගේ දුක බෙදාගන්න කියලා ඇවිත් අන්තිමේ මගේ දුකට තවත් දුකක් එකතු කරලා යන අන්ඩයොන්ගෙන් මට වැඩක් නෑ.....:'(  මම හොඳටම දුක් වෙන බව දැන දැනත් ඇයි යකු එහෙම කරේ,. මට හිතාගන්න බෑ. ඇයි එහෙම කරන්නේ... ඇයි බන්ස් මටම මෙහෙම වෙන්නේ. බොක්කේ ෆෙන්තෝ වෙනුවෙන් ඕනෙ දෙයක් කරන්න ලේස්ති මට හැමවෙලේම ෆෙන්තෙක් නිසා කරදරයක් වෙනවා. කාවහරි කරදරෙන් බේරන්න ගියොත් අන්තිමේ ඒ වැ‍රැද්දත් පැටවෙන්නේ මගේ පිට. ඇයි යකු ලගින්ම ඉන්න ගොබ්බයො මට මෙහෙම කරන්නේ. හිතේ තියෙන දුක ඒ කෙනෙක්ට කියන්නේ අණබෙර ගහලා ලෝකෙටම කෑ ගහලා කියන්න උවමනාවක් නැති නිසා. ඒත් ඒක අහන් ඉදපු එකාම අනිත් පැත්තට ගිහින් මුළු ලෝකෙම ගිනි තියනවා නම්.. ඒ යකා හොඳ ෆෙන්තෙක්ද නැද්ද කියන එක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒත් කොහොමද හොද බොක්කක් අදුරගන්නේ. මගේ හොඳම බොක්කක් කියලා අපි හිතපු කෙනාම අපිව රවට්ටනවා නම් වෙන කට්ටිය ගැන කොහොමද බන්ස් විස්වාස කරන්නේ. ඇත්තම යාළුවෙක්ව කොහොමද අදුරගන්නේ.. ඇත්තටම මට තේරෙන්නේ නෑ.. එහෙම කරන්නෙ කොහොමද? මම එහෙම කාටවත්ම කරන්නෙ නැති වෙලත් ඇයි යකු හැමෝම මට මෙහෙම කරන්නේ.පස්ට දුකයි මට. තියෙන දුක යවාගන්නයි මේ පොස්ටුව ලිව්වෙ.....:'(

No comments:

කිරිගේ අදහස් ගැන ඔබේ අදහස්