Friday, September 13, 2013
මිතුරාගේ සමුගැනීම
මොනවහරි ලියන්න ඕනේ උනත් මොනවා ලියන්නද කියල මට තේරෙන්නේ නැහැ බන්ස් මගේම ඇගිලි මට අකීකරු වෙලා. හදට සමීපම ලගම මිතුරෙක් නොසිතූ මොහොතක, නොසිතූ විදියට මේ ලෝකේ අතැරලා ගියාම ඇස් වලට එන කදුළුවලට ඉඩ දීලා නිහඬව ඉන්නවා ඇර මොනවා කියල ලියන්නද කියල හිතාගන්න බැහැ.. මට ගමයගේ ළෙංගතු කටහඬ තාම ඇහෙනවා වගේ. පොඩි කාලේ ඉදන් එකට කල්ලි ගැහි අප හා එක්ව කළ කී දෑ මතක් වෙයි. උබ කෙතරම් හොඳ ගතිගුණවලින් යුතු මිතුරෙකු වුනාද.. ගොඩාක් හොඳ මිනිස්සු දෙවියන් ඉක්මනින් තමන් වෙතට ගෙන්නවා ගන්නවා කියල කියනවා. උබටත් උනේ එහෙමද බන්... ඉතින් මචු උබ අද නැත. අප පමණකි. මරණයේ වේදනාව දැනෙන්නේ ජීවත් ව සිටින්නන්ටය යන්න සැබෑවකි. අපි ඒ යථාර්ථය අත්විඳිමින් සිටින්නෙමු... ගමයා හොඳ බොක්කක්. උ යහළුවන් ළඟට එන්නෙ සැපේදී පමණක් නොවේ. දුකේ දී අන් සෑම මොහොතකටම වඩා අපිට ළංව හිඳී. ඔහු ඉරිසියකාරයෙකු වූයේ නැත. හිතේ එකක් තබාගෙන උඩින් එකක් පෙන්වන ආකාරයේ පුද්ගලයෙකු නොවීය. එක ඔහු ජීවිතයෙන් සමුගත් මොහොත තෙක් ම පැවතුණු හොඳ ලක්ෂණයකි. බොරු සෝබනයට, කැපී පෙනෙන්නට යාමේ ගතියක් කවර කළෙකවත් ඔහුගෙන් පෙනුනේ නැත. කා සමඟවත් තරහ වන්නට ඔහුට වුවමනා උනේ නැත. එසේ තරහ වුවත් ටික දිනකට පමණි...ඔහුම පැමිණ අපිත් සමග කතාකරයි.. කෙතරම් නරක පුද්ගලයන් ඇසුරු කළත්, කවදාකවත් වැරදි වැඩ කරන්න ගියේ නැත. නරකට ඇබ්බැහි වූයේ නැත. ඕනෑ ම හොඳ වැඩකටයුත්තක දී ඔහුගේ දායකත්වය අඩුවක් නැතුව ලැබුණි..ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බව, මොහොතක් මොහොතක් පාසා අපේ ඇස්වලින් රූරා වැටෙන කඳුළු බිඳු සාක්ෂි සපයයි. ඔහු ගැන ලියන්න බොහෝ දේ තිබුණත්, වචන එකතුකර ගන්නට මට තවමත් ශක්තියක් නැත. මේ වචන කිහිපය පවා ගැටගසා ගත්තේ අමාරුවෙනි."මං කවදාවක්වත් මේ වගේ සටහනක් උඹ වෙනුවෙන් තියන්න හීනෙකින්වත් හිතුවෙ නෑ මචු". ඒත් දෛවයේ සරදමකට ඒ දේ කරන්න සිද්ධ වුණා. කවදාවක්වත් හතුරෙකුටවත් දුකක් නොදුන් උඹ, ළඟින් සිටි අපට දුක් දුන්නෙ අපේ ම පවක් නිසා වෙන්න ඇති...උබ අපෙන් සමුගත්තේ හදිසියේම උනත්, උබ අපිට ඉතිරි කර ගිය මතක ගොන්නට කවදාවත් සමුගන්නට අපි සෙට් එක ඉඩ දෙන්නේ නැත. මක්නිසාදයත් අපි අතර උබේ තැන ගැනීම වෙන එකෙක්ට හීනෙන්වත් සිතන්න බැරි දෙයක් නිසාවෙනි...
දයාබර සොයුරාණෙනි, අවසන මට කළ හැක්කේ එකම එක ප්‍රාර්ථනයක් පමණි. ඔබට නිවන් සුව...!!!
------------- කිරා ---------------
Sunday, September 8, 2013
කිරිගේ අනුරපුර ගමන 2
ඔන්න ඉතින් ආයෙත් ගමන පටන් ගත්තා අම්මිලා තාත්තිලා ලග ඇබරි ඇබරි හිටපු කෙල්ලෝ සෙට් එකත් අපිට විරිත්තන්න පටන් ගත්තා ..ඕක ඉතින් කෙල්ලොන්ගේ හැටියක්නේ මුකක්වත් කෙලින් කියන්නේ නෑනේ ...අපිත් ඉතින් ගණන් ගන්නේ නෑ වගේ පාඩුවේ කයියක් ගහගෙන ගියා අපේ නිහඩතාවේ ඉවසගන්න බැරුවද කොහෙද බස් ඩ්‍රයිවර් අයියා දැම්මේ නැතා බස් අජිත්ගේ පිස් එකක් අප්පේ එක අහල මට වමනේ යන්නත් ආව ...අපේ හැගීම් ඇහැ දෙපැත්තෙන් බේරෙනවා ඕකගේ සින්දු අහලා ...අයියේ අපි සින්දු කියන්නම් ඔය කරච්චලේ නවත්තන්න කියලා පටෝන් කා ගහලා කිව්වා ඩ්‍රයිවරයට කට කහනවට මු එහෙම කිව්වද මන්ද ඇයි යකු ඉස්සර මොන්ටි ගිහින් වත්තට යන්නම් මලක් කඩන්නන්ම් කිව්වට පස්සේ සින්දුවක් මිමිනුවා මතකයක්වත් නෑ...මම පොඩිගේ දිහා බැලුවේ පටෝන්ට සොට් එක දෙමුද කියල අහන්න ඇයි යකු දැන් කෙල්ලෝ ටිකත් බලන් ඉන්නේ අපි සින්දු කියනකන් මගේ අදහස තේරුම් ගිහින්ද කොහෙද පොඩිටත් ජරා හිනාවක් ගියා ... "කෝ කිරි සින්දු අපිට පාලුයි" කොහෙන්ද ඉදලා ආපු ටකරම් කටහඩක් ඇහිලා මම ඩීම් වෙලා ගියා කවුද යකු ඒ ..? සද්දෙනම් පුරුදුයි වගේ එත් මම හිතන කෙනා මේකට නැග්ගේ නෑ නොවැ ... තමුසෙලට බැරිනම් අපි කියන්නද .. මෙන්න යකෝ දන්නේ තොරණ නියමට පෙන්නේ අපේ ජෝජෝ නගාගේ සුන්දර මිහිරි හඩනේ අපිට ඇහිලා තියෙන්නේ ඒ තරමට කන කිං ගානවා තාම ...අනික අපේ ප්‍රාදේශීය විවහරේ අපේ පැත්තේ හොදටම කථනය කරන්නේ ජෝජෝ නගා විතරයි කියල අපි දන්නේ අත්දැකීමෙන් ...කොහෙද ජෝජෝ යන්නේ ඔයා පුල් යන්නද හදන්නේ නාන්න ...? පොඩි අහපු දේ මටත් තේරුනේ නැති නිසා මමත් ජෝජෝ දිහා බැලුව. ඒ මුකො එහෙම අහන්නේ මට නාන්න පුල් යන්න අනුරපුරේ යන්න ඕනිද පොඩි ...එකිත් අතාරින්නෙ නෑ . නෑ ඉතින් ඔයා ඇදන් ඇවිත් තියෙන්නේ නාන්න යන
ගෑනුලමයි අදිනවා වගේ ඇදුමක්නේ එකයි ඇහුවේ .... අනේ අම්මේ දෑන්නේ වැඩේ තේරුනේ . ඔව්නේ අප්පා අම්මපා විලිලැජ්ජාවක් නැති හැටි දැන් කොමද මෙකි අපි ඉස්සරහ වාඩි වෙන්නේ කියල මමත් කලපනා කරා .. කොහොම කොහොමහරි තැන තැන හිටපු අනිත් බවලත් උදවියත් පිටිපස්සේ සිට් එකට ඇවිත් තිබුනා ...කොල්ලොන්ටත් ඉතින් තවත් මොනවද විවා බිලා සංගා හයේ පාරවල් දෙනකොට හිනාවෙනවා වගේ හැලිච්ච දතුත් පෙන්න මුන් හිනාවෙනවා හෝ ගාලා ...ශිකේ හරියට උදේ පාන්දර හිනාටෝපි කාල වගේ ...පොඩිටත් ඉතින් චිත්ත කෑල්ලක් පෙන්න බෑ..ඌ ගිහින් අර ෆ්‍රෙන්ච් කට් එක කපපු කෙල්ල ලග ඉදගෙන හරියට අපිත් එක්ක ආවේ නෑ වගේ .... "කිරි පුතේ පොඩ්ඩක් එන්නකෝ" අම්මි මාව අමතපු නිසා මම පොඩ්ඩක් එතනට ගෑටුව ... පුතේ සින්දුවක් කියන්න අනිත් අයත් එක්ක හිනාවෙලා කතාකරන්න ..ඔයා ඔහොම පැත්තකට වෙලා ඉන්න එපා ..... හෑ මුකක්ද බොලේ අම්මි මේ දොඩවන විකාරේ මම නිකන් ලෝන්තපොල් එකෙක්වගේද පිට එවුන්ට පෙන්නේ ශිකේ අම්මි දන්නේ නැහැනේ මෙතන මහා මොළකාරය මමයි කියල ..:D අවුලක් නෑ දැන් ඉතින් අම්මිගෙන් පර්මිෂන් හමුඋන නිසා මම ආයෙත් මගේ සිට් එකට ආව ...මෙන්න වැඩක් ජෝජෝ එතන ඉදගෙන ... පල පල ජෝජෝ නගිටපිය ඔය මගේ තැන ...මම ගේම ඉල්ලුවා ..දැන් කිරාට කොමත් එකනෙ ... ඇයි ඔයාට මෙතන ලියල දීලා තියනවද ඇ ... අම්මපා මේ වෙලාවට තමයි මට මේකිට දෙන්න හිතෙන්නේ කෙල්ලෙක් කියල බලන්නේ නැතුව හොම්බට දෙකක්... නැගිටපං ජෝජෝ නැත්නම් මම බොට දෙන්නේ පස්සට පයින් හොදද ,,? මම මගේ ලාස්ට් වොර්නින්ග් එක දුන්නා එකිටත් තේරුනා මට තද වෙලා කියලා ...හරි නැගිටින්නම් හැබැයි සින්දුවක් කියන්න ඕනා ok ... හරි හරි මම කියන්නම් කියල ජෝජෝ නැගිටපු ගමන් මම එතනින් වාදී වෙලා ජෝජෝට විරිත්තුව ... කිරි මුකො ප්‍රස්නේ මගේ help එක ඕනිද පොඩි පැත්තකින් එබිලා ඇහුව ...අනේ අපොයි මුට දැන්ද මේක ඇහිලා තියෙන්නේ..අනේ මන්ද බන්ස් උබල දෙන්න පොඩි එවුන් වගේ කොයි වෙලාවේ බැලුවත් රණ්ඩු වෙන්නමයි බලන්නේ ...විනාඩි 5 වත් බොලාට යාලු වෙලා ඉන්න බැරිද ..? ඒ ගමන පටෝන්ගේ පඩි වදනක් ... යකු මුන් දෙන්න කෙල්ලොන්ට පෙන්න මට පොර ටෝක්ස් දෙනවා.. බලන් යද්දී අම්මි කිව්වා හරිනේ වෙනදා පළාතටම ඇහෙන්න ටෝක්ස් දෙන මන් අද සයිලන්ට් වෙලා... අහෝ දුකකි !! මම නෙවේ බන් ජෝජෝනේ එයා ටකරම වහනවානම් මම ජීවිතකාලේටම යාළුවෙලා ඉන්නම් එකෙන්ම.. හත්තිලව්වේ අර බලපල්ලකො යකු පුදුම අපරාදයක්නේ අර කරන්නේ ..පොඩි කියපු දේ බලන්න කෙල්ලෝ ටිකයි කොල්ලෝ ටිකයි එලිය පැත්ත බැලුව .... මුකො බන්ස් කෝ උබ මුකක් ගැනද කිව්වේ පටෝන් පොදිගෙන් ඇහුවේ මම අහන්න කලින් ...පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා බන්ස් ..මේවනෙ රජ සින් අපි මුනවද බන්ස් දැකල තියෙන්නේ ...ෂාහ් කියල වඩක් නෑ ඇ පස්ටයි... මුට අමු කැවිලද ..මොකක් ගැනද පොඩි උබ ඔය කියන්නේ බැරිම තැන මම පොදිගෙන් ඇහුවේ මු පෙන්නන්න හදන දේ ගැන මටත් මෙලෝ හසරක් තේරුනේ නැති නිසා ... අර බලපන් අන්න මොකෝ උබලා අන්දද ..?
ගෑනුලමයි අදිනවා වගේ ඇදුමක්නේ එකයි ඇහුවේ .... අනේ අම්මේ දෑන්නේ වැඩේ තේරුනේ . ඔව්නේ අප්පා අම්මපා විලිලැජ්ජාවක් නැති හැටි දැන් කොමද මෙකි අපි ඉස්සරහ වාඩි වෙන්නේ කියල මමත් කලපනා කරා .. කොහොම කොහොමහරි තැන තැන හිටපු අනිත් බවලත් උදවියත් පිටිපස්සේ සිට් එකට ඇවිත් තිබුනා ...කොල්ලොන්ටත් ඉතින් තවත් මොනවද විවා බිලා සංගා හයේ පාරවල් දෙනකොට හිනාවෙනවා වගේ හැලිච්ච දතුත් පෙන්න මුන් හිනාවෙනවා හෝ ගාලා ...ශිකේ හරියට උදේ පාන්දර හිනාටෝපි කාල වගේ ...පොඩිටත් ඉතින් චිත්ත කෑල්ලක් පෙන්න බෑ..ඌ ගිහින් අර ෆ්‍රෙන්ච් කට් එක කපපු කෙල්ල ලග ඉදගෙන හරියට අපිත් එක්ක ආවේ නෑ වගේ .... "කිරි පුතේ පොඩ්ඩක් එන්නකෝ" අම්මි මාව අමතපු නිසා මම පොඩ්ඩක් එතනට ගෑටුව ... පුතේ සින්දුවක් කියන්න අනිත් අයත් එක්ක හිනාවෙලා කතාකරන්න ..ඔයා ඔහොම පැත්තකට වෙලා ඉන්න එපා ..... හෑ මුකක්ද බොලේ අම්මි මේ දොඩවන විකාරේ මම නිකන් ලෝන්තපොල් එකෙක්වගේද පිට එවුන්ට පෙන්නේ ශිකේ අම්මි දන්නේ නැහැනේ මෙතන මහා මොළකාරය මමයි කියල ..:D අවුලක් නෑ දැන් ඉතින් අම්මිගෙන් පර්මිෂන් හමුඋන නිසා මම ආයෙත් මගේ සිට් එකට ආව ...මෙන්න වැඩක් ජෝජෝ එතන ඉදගෙන ... පල පල ජෝජෝ නගිටපිය ඔය මගේ තැන ...මම ගේම ඉල්ලුවා ..දැන් කිරාට කොමත් එකනෙ ... ඇයි ඔයාට මෙතන ලියල දීලා තියනවද ඇ ... අම්මපා මේ වෙලාවට තමයි මට මේකිට දෙන්න හිතෙන්නේ කෙල්ලෙක් කියල බලන්නේ නැතුව හොම්බට දෙකක්... නැගිටපං ජෝජෝ නැත්නම් මම බොට දෙන්නේ පස්සට පයින් හොදද ,,? මම මගේ ලාස්ට් වොර්නින්ග් එක දුන්නා එකිටත් තේරුනා මට තද වෙලා කියලා ...හරි නැගිටින්නම් හැබැයි සින්දුවක් කියන්න ඕනා ok ... හරි හරි මම කියන්නම් කියල ජෝජෝ නැගිටපු ගමන් මම එතනින් වාදී වෙලා ජෝජෝට විරිත්තුව ... කිරි මුකො ප්‍රස්නේ මගේ help එක ඕනිද පොඩි පැත්තකින් එබිලා ඇහුව ...අනේ අපොයි මුට දැන්ද මේක ඇහිලා තියෙන්නේ..අනේ මන්ද බන්ස් උබල දෙන්න පොඩි එවුන් වගේ කොයි වෙලාවේ බැලුවත් රණ්ඩු වෙන්නමයි බලන්නේ ...විනාඩි 5 වත් බොලාට යාලු වෙලා ඉන්න බැරිද ..? ඒ ගමන පටෝන්ගේ පඩි වදනක් ... යකු මුන් දෙන්න කෙල්ලොන්ට පෙන්න මට පොර ටෝක්ස් දෙනවා.. බලන් යද්දී අම්මි කිව්වා හරිනේ වෙනදා පළාතටම ඇහෙන්න ටෝක්ස් දෙන මන් අද සයිලන්ට් වෙලා... අහෝ දුකකි !! මම නෙවේ බන් ජෝජෝනේ එයා ටකරම වහනවානම් මම ජීවිතකාලේටම යාළුවෙලා ඉන්නම් එකෙන්ම.. හත්තිලව්වේ අර බලපල්ලකො යකු පුදුම අපරාදයක්නේ අර කරන්නේ ..පොඩි කියපු දේ බලන්න කෙල්ලෝ ටිකයි කොල්ලෝ ටිකයි එලිය පැත්ත බැලුව .... මුකො බන්ස් කෝ උබ මුකක් ගැනද කිව්වේ පටෝන් පොදිගෙන් ඇහුවේ මම අහන්න කලින් ...පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා බන්ස් ..මේවනෙ රජ සින් අපි මුනවද බන්ස් දැකල තියෙන්නේ ...ෂාහ් කියල වඩක් නෑ ඇ පස්ටයි... මුට අමු කැවිලද ..මොකක් ගැනද පොඩි උබ ඔය කියන්නේ බැරිම තැන මම පොදිගෙන් ඇහුවේ මු පෙන්නන්න හදන දේ ගැන මටත් මෙලෝ හසරක් තේරුනේ නැති නිසා ... අර බලපන් අන්න මොකෝ උබලා අන්දද ..?
තාම ඉවර නෑ ඇ තව තියනවා පස්ට සිද්දි අපේ ගමනේ වුනු...:D
--------- මතුසම්බන්දයි ----------
Friday, September 6, 2013
කිරාගේ අනුරපුර ගමන
මේ දවස් දෙක තුනේ පොඩ්ඩක් සයිලන්ට් උනේ අම්මිලත් එක්ක පොඩි ට්‍රිප් එකක් ගියපු නිසා... මේ ඒ ගමනේ මුල ඉදන් අගට වෙනකන් පොඩි සාරාංශයක්... ඉතින්
මචුනේ ගමන යන්න සෙට් උනේ උදේ පාන්දර 3 විතර එහෙම සෙට් උනාට යන්න හදද්දිම
තමයි මතක් උනේ පොඩි ආවේ නෑ කියලා මටයි අපේ පටෝන්ටයි හොදට මල ඉතින් බස් එකේ
ඩ්‍රයිවර් අයියගේ මුණ බේරී උනේ තව පොඩ්ඩක් ඉන්න කියපු නිසා වෙන්න ඇති
කියලයි මටනම් හිතුනේ.. ඔක්කොටම වඩා උරු ජුවල් නැග්ගේ එවලේ පොඩිට කෝල්
කරනකොටත් මු නිදාගෙන හිටපු නිසා.... ගොන් හරක් පැටිය කියල ඉතින් මුව
මරන්නෙයි කියල බලාගෙන ඉන්න කොට ඔන්න
වේලිච්ච මුරුංග කරල වගේ පැද්දී පැද්දී පොඩි ආවා,,, ආපු ගමන් උගේ ඔලුවට හොද
පොල් ටොකු 4ක් 5ක් වැදුනට නිදිමතේ හිටපු නිසාද කොහෙද ඒවා ඇන්න රත්තරන් දෑත්
කාගේද කියල මිනිහට වැඩිය මීටර් උනේ නෑ..:v අපේ අම්මි ප්‍රමුක සියලු කාන්තාවන්ගෙන් පලාතම නැගිට්ටවන්න තරම් සද්දෙන් ඇහුනු සාදුකාරය මැද්දෙන් ඔන්න බස් එක ගමන ඇරබුව... පස්ට නිදිමතේ
හිටියට මුකද ඉන්න ලපටි හුරුතල් කෙල්ලෝ දැකලද කොහෙද පොඩිගේ මුනේ පවුඩර්
දැම්ම වගේ සුදු පාට වෙනවා අපිට හොදට පෙනුනා.. වැඩියෙන්ම අපේ එකා line එක
දැම්මේ ෆ්‍රෙන්ච් කට් එකක් කපපු කෙල්ලෙක්ට ඒකිව දැක්කම මට මතක් උනේ අපි
කෙල්ලෝ ටෝක් කරන්න නුගේගොඩ ගොහිල්ල නැව් ගානකට කන්න සෙට් කරාපු කෙල්ලව..
අම්මපා මේ කෙල්ලත් එකී වගේමයි කියල මගේ හිත කිව්වා .. මටත් නොදනී මගේම මුණ
දෙතුන් පාරක් කෙල්ල ඉන්න පැත්තට හැරුනේ ඒ නිසා වෙන්න ඇති .... කොහොම වුනත්
සොහොන් පිට්ටනියක් මැද හිටන් ඉන්නවා වගේ උදේ වරුවම මෙලෝ රහක් නැතුව මහා
අජුත විදියට ගෙවිලා ගියා... උදේට කන්න නවත්තනකොට කොල්ලෝ ඔක්කොම ත්‍රිපෝෂ
පෝලිමේ හිටපු බඩදරු අම්මල වගේ තැන තැන නිදි කොලු කමට පිටිපස්සේ සිට් එකේ
ගියාට මටත් හොදටම නින්ද ගිහිල්ල... සිට් එකේ මැදින් වාදී වෙලා ගියේ මම අනේ
අපේ ඩ්‍රයිවර් අයියට පිං සිද්ද වෙන්න මිනිහ වැඩිය හයියෙනේ බ්රේක් කොටලා නෑ
නිකන් හරි එහෙම උනානම් බස් එකට ඉස්සෙල්ල මම යනවා ඉස්සරහ වීදුරුවෙන් එක මට
ෂුවර් මගේ ඉන්සුවරන්ස් එකට වඩා.. හොදම ආතල් වැඩේ කියන්නේ ළමයින් දෙන්නෙක්ගේ
තාත්තා වගේ මම මැද මගේ එක පැත්තක උරහිසට ඔලුව තියාගෙන පටෝන් නිදි අනෙක්
පැත්තෙන් පොඩි නිදි කෙල්ලෝ ටික නිදාගෙන හිටියේ නැද්ද කොහෙද, මම එහෙම කිව්වේ
එකෙක්වත් අපි වගේ ඇස් වලින් කබ කඩනවා අපි දැක්කේ නැති නිසා...:D
කන්න බැස්ස තැන සුප්පා ඇ .. ඩ්‍රයිවර් අයියටත් හෙන කලාත්මක හැගීම්
තියෙන්නේ කියල අපේ පටෝන් කිවා මට යාන්තමට මතකයි.. ඔව් ඉතින් දැන් මිනිහ
බැදලත්නේ ඇත්තේ ඉතින් දැන් කලාත්මක හැගීම් හොදට දැනෙනවා ඇති කියල පොඩි ගත
කටටම කිව්වා ...උදේ පාන්දරම මු කිව්වේ කට කැඩිච්ච මුස්පේත්තු කතාවක්නේ..
සිනි සම්බල් පාන් මැදට දාලා... අම්මේ සුවදේ බෑ... ඔක්කොටම වඩා පාන් අල්ලපු
කෙල්ලගේ සුවද දැනුනා.. යකු ඒ කෙල්ල බේබි සබන් කොම්පැනියේ වැඩ කොරන
කෙල්ලෙක්ද මන්ද .. නැත්නම් එක්කෝ මෙකි සබන් කැටයක් කාලා කියල පොඩි
දොඩවනවා... පාන් වාටියකින් මම උට ගැහුවේ අම්මිත් අහල පහල හිටපු නිසා ඇයි
දෙයියනේ අම්මිට ඇහුනා කියන්නේ ගෙදර ගියාම සතියකට දෙකකට ලවුඩ් ස්පිකරේ
නොමිලේ ඔන් කරගෙන කාමරේ ඇද උද තියාගත්තා වගේ වැඩක් කනක් ඇහිලා ඉන්න
හමබවෙන්නේ නෑ... ඉතින් ඔන්න උදේට කාලා කෙල්ලෝ බෝතල් වලින් දාපු වතුර වලින්
අත හෝදලා ආයෙත් බස් එකට නැගල අපි ගමන ආරම්බ කොරා ......[තව තියනවා ඉවර නෑ ඇ..:D
]
--------- කිරාගේ කතාව මතු සම්බන්දයි -------------
Monday, September 2, 2013
ආදරය සහ පාට
සාමාන්‍යයෙන්
කෙල්ලොන්ගේ ආසම පාට සෝස පාට ආ නැද්ද....? එත් මගේ ආසම පාට නොවුනත් මමත්
බොක්කෙන්ම සෝස පාටට කැමති උනා...ඒකනෙමෙයි ,මම දැන් සෝස පාටට ආස නැහැ....කාලයක් මගේ ආසම පාට තමයි සෝස[මගේ හිටපු ලපටි හුරුතලේ කැමති නිසා] ෂර්ට්
එකක් ගත්තත් වෙන ඇදුමක් ගත්තත් ගොඩාක් වෙලාවට සෝස පාටට ගැලපෙන පාටක් ගත්තේ
හුරුතලේගේ හිත හදන්න...මම වගේ නෙවේ එයාගේ සපත්තු සෙරෙප්පු,හැමදෙයක්ම ඉතින් සෝස පාට තමයි [යකු වල් විදියට හිතන්න එපා ඇ හැමදේම කිව්වේ එළියෙන් පෙන එවුවා
] ඒ කාලෙ පටන් ගත්ත මගේ ආදරෙත් සෝස පාට වුනේ ඒකයි.... ඒත් දැන් මගේ
තේරීම[පාට] වෙනස් වෙලා.... සෝස පාට හරිම බොලදයි කියලා දැන් මට හිතෙනවා. සෝස
පාට මාව පොඩි ළමයෙක් කරා , නොමේරු , නොගැඹුරු බොලද දේ වලට මාව යොමුකරා කියල
මට හිතෙනව.වෙලාවකට බොලද බවත් ආතල් තමයි.... ඒත් දැන් මම එළ කොල්ලෙක් නිසා මම
කැමති බොහොම සරලව ඒත් තාත්ත්විකව ලොව දකින්න. ඒක මගේ ගොඩක් ප්‍රශ්ණ වලට
උත්තරයක් වේවි. සමහර කොල්ලෝ හිතන පතන විදිහ පස්ටයි ඇ . කෙල්ලොන්ට ඒවා
තේරුම් යන්නෙ ටික කාලයක් ගියාට පස්සෙ තමයි.... මට හිතෙන්නෙ කෙල්ලෝ ප්‍රශ්ණ
වලින් පැනලා යනව , ඈත් වෙන්න හදනවා , ගනන් ගන්නෙ නැතිව ඉන්නවා කියල.... එතකොට
කොල්ලොන්ට දුකයි, තරහයි..... එයාව නම් ඕනම නෑ කියල හිතෙනවා. [මම කියන්නෙ ආදරේදී
විතරක් නෙමෙයි, යාළුවො ගැනත් මේක අදාලයි ඇ] ආදරේ ගැන මම තවම හරියට දන්නෙ
නැති නිසා මට ඒ ගැන කියන්න බෑ..... මම ආදරේ කරා තමයි .ඒත් ඒ නියම ආදරේ කියල මම
හිතන්නේ නෑ. ඉතින් කාලයත්
එක්ක අපිට තේරෙනවා එදා මොකද ඒ කෙල්ල නිශ්ශබ්දව හිටියෙ කියල. සමහර විට ඒ
කෙල්ලන්ගේම හොදට තමයි ඒ කොල්ලා නිහඩව ඉන්න ඇත්තේ..... සියළු දේ කෙල්ලන්ට තේරුම්
යනකොට සමහර වෙලාවට ඒ සුන්දර පිරිමි හිතට ගොඩක් දුක් දීලා ජීවිතෙන් සදහටම
පන්නල දාලත් ඉවරයි.මම මේ කීවේ සියළු දෙනා සම්බන්ධව නම් නෙමෙයි..... මට හමුවූ
බොහෝ ෆෙන්තොන්ට ඒ වගෙ සොදුරු සිත් තිබ්බා..... ඒකයි මම අදටත් මේ සුන්දර හිතත්
අරන් සතුටින් ඉන්නේ. මම හිතනව මම ඒ සියළු දෙනාව තේරුම් ගත්තා කියලා. ඒ
ගොඩක් අය මටත් වඩා මට ආදරේ කරපු අය.... ඒකයි එයාලා මගේ හිත හදමින් මගේ වටේටම අද වෙනකන්ම ඉන්නේ. අද වෙන කොට මම හැමදේම වටහා ගත්තා. ඉතින් තවත් මට සෝස පාට නම් එපා...:D
ජීවිතයේ සුන්දර බව
අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් උනාම කියන තරම් ජීවිතය සුන්දරද බන්ස්... මමනම් හිතන්නේ නෑ ප්‍රශ්ණ ගොඩයි නේද.?
මෙලෝ රහක් නෑ, සිතට විවේකයක් නෑ නේද....?වෙලාවකට අප්පිරියයි...ජීවිතේ ගැන
සැහැල්ලුවෙන් හිතන්න පුලුවන් නම්. කියන්නනම් ලේසි කියල ඔයාල මට කියයි.... මගේ ජීවිතේ ගැන හිතුවම හිතෙනව මට මොන ප්‍රශ්ණද කියල බන්ස් . කාලයක් සැහෙන්න හිතේ දුකින් වෛරයෙන් කෙල්ලොන්ට
මොරාල් ටෝක්ස් දීගෙන හිටිය කෙනෙක් මම.ඒත් ටිකින් ටික ජීවිතේට මූණ දෙන්න ඕන
කොහොමද කියල දැන් මට තේරෙනවා. ගොඩාක් සිත් රිදවීම් වලටමුල අපේම වැරදි.
ඕනෑම කෙනෙක්ට ඕනෑවට වඩා ලංවුනාමත් ගොඩක් දුරස් වුනාමත් තමයි සිත් රිදවීමි
වැඩි වෙන්නේ. ලව සහ කාසිපනම් තමයි ගොඩක් දෙනාගෙ හිත් රිදවීම් වලට හේතුව. බුවෙක් බුවියක් වුනාම කාගෙහරි ආදරයක් ඕන වෙනවා එයාලට ජීවත් වෙන්නත් ඒ ජිවිතේ ලස්සනට ඉදිරියට ගෙනියන්නත්.
ඒක අපි බොක්කෙන්ම පිළිගන්න ඕන. ඒත් ගොඩක් වෙලාවට අපි කැමති අය අපිට ආදරේ
නෑ ලැඛෙන්නේ නෑ. අපිට ලැඛෙන අයට අපි ආදරේ නෑ. වෙලාවකට මොන රෙද්දක්ද කියලත්
හිතෙනවා...මට ඔය වර්ග දෙකෙන් එකක්වත් නෑ බන්ස්. ආදරෙ හොයාගෙන ගිහින් මම
ගොඩක් චාටර් වුනා. ලැබුනෙ සිත් රිදවා ගැනීම් විතරයි. ආදරයක් නැතිව සිද්ධ වෙන මොත්තේ කසාදයකින් තේරුමකුත් නෑ... ඉතින් ඒ නිසා මම තනියෙන්..... ගැහැණු ළමයෙක් වුනාම ලස්සන වෙන්න ඕන කියන කතාවෙ සෑහෙන්න ඇත්තක් තියනවා...
[ ඔන්න නෑ කියන්න නම් එපා ] හිත කොච්චර ලස්සන වුනත් ගති ගුණ කොච්චර හොද
වුනත් දැන් ඉන්න කොල්ලොන්ට ඒවා වැඩක් නෑ... ඒව සමහරුන්ට තේරෙන්නෙ ගොඩක්
පරක්කු වෙලා. මම මගේ ජීවිතේට ගොඩක් ආදරෙයි.... වෙන අයට ලබා ගන්න අමාරු දේවල්
ගොඩක් මට ලැබිලා තියනවා. මට නැති වෙන අයට තියන දේවලුත් තියනවා. ඒවට
ඊර්ෂ්‍යා කරලා මොන සැනසීමක්ද අනේ. මගේ ජීවිතේට ලැබිල තියන දේවල් වල සතුට
ඛෙදා ගන්න විශේෂ කෙනෙක් ලග නැති වුනත් ෆෙන්තෝ කිහිපදෙනෙක් ඉන්නවා.... විශේෂ
කෙනෙක් ලැබේවි සමහර විට මම ගොඩක් වයසට ගියාම. වයසට යන්න
යන්න මිනිස්සු සාධාරණව හිතනවා. නොලැඛෙන දේ වලට නොහඩා ඉන්නත් ,ලැඛෙන දෙයින්
හිත හදා ගන්නත්, තමන්ගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නත්,අසාධාරණයට
එරෙහිව නැගී සිටින්නත්, අනුන්ට පිහිට වෙන්නත් පුලුවන් නම් ලැබුන ජීවිතේ
දුකක් නැතිව ගෙවන්න පුලුවන් කියන එක මේ කිරාගේ හැගීමයි. ජීවිතය ටික කාලයයි
බන්ස්. ඒ ටික කාලයේ විදව විදව ඉන්නවද නැත්නම් කාටත් ආතල් දිදී විදිනවද කියන
එක තියෙන්නේ ඔයාලගේ අතේමයි. ඇත්තටම බන්ස් ජීවිතේ පස්ට සුන්දරයි මටනම්.....:D
කිරාගේ හැටන් ගමන
හා හා
පුරා කියල මමත් හැටන් පැත්තේ පස් පාගන්නයි හදන්නේ [කොමද එළනේ] හෙට
ගෙදර ඇයොත් පිරිවරාගෙන තමා විනෝද ගමන මේ කිරියා එන්නේ[උබල හිතන දේ මට
තේරෙනවා චාටර් තමයි බන් මෙලෝ රහක් නෑ අම්මලත් එක්ක යනකොට]..කොහේ ගියත් මම
fit එකේ හිටියට මොකෝ ....මගේ යාළුවො කියපු විදියට මට මොන
ජල්තරස් කෙස් වලට මුණ දෙන්න වෙයිද දන්නේ නෑ .උන් කියනවා "උබ යන පැත්ත නාය
යයිලු",තව එකෙක් කියනවා මට "ගල් පෙරලේයිලු",ඒ අස්සේ
කෙල්ලෙක් කියනවා "ඔයාව ලිස්සල කන්දකින් පහලට වැටේලු" මේවා ඇහිලා හිත
පොඩ්ඩක් කචල් උනාට එලියට ඒ බව පෙන්නේ නැතිවෙන්න ඉබ්බා දැම්ම.....ඔය ඒ පැත්තේ ඉන්න එවුන් මාව දැකල විරිත්තනවා එහෙම
නෙවෙයි ගෙදර උදවිය ඉස්සරහ ...මේ කිරියා ලෝකෙට පරකාසේ උනාට ගෙදරට පුස් පැටිය
වගේ ඉන්න අහිංසක කොල්ලෙක් ...සායම යවල මාව නොන්ඩි නොකර හිටපල්ලා...:D
අනේ
අම්මේ මෙහෙ තියන සනීපෙ ....පොඩි ඉඩම් කෑල්ලක් අරන් එකේ මැද හිටගෙන හිටියත්
සැපයි කියල මටනම් හිතෙන්නේ...ඒ වගේද ඉන්න ඉන්න කෙල්ලෝ අනේ අම්මේ එහෙමත්
සුදු කෙල්ලෝ මුන් සුදුමැලි වෙලාද ,නැත්නම් සුදු හුණුවත් උලාගෙනද කියල මට
සැකයි ඒ තරමට සුදු කෙල්ලෝ පාරේ එහාට යනවා මෙහාට යනවා ....ගෑනු පාර්ශවේ සමග
ආරවුලක් තිබ්බට මොකෝ මේ කෙල්ලෝ දැක්කම මටත් අරව මේවා හිතෙනවා කියල ඔන්න මම
බොක්කෙන්ම කිව්වා....කොහොම වෙතත් කවුරු හරි නාවන්න තියා ඇදගෙනවත් නානව බොරු
පටට සීතලයි මෙහෙ[ හැබැයි ඉතින් අර සුදු කෙල්ලෙක් ඇවිල්ල නාවනවානම් නානවා
හෙම්බ හැදෙනකන්]. දැනටමත් මට හෙම්බ හැදෙන්න වගේ නාහේ දැවිල්ලයි ඉන්න බෑ
...මට සැකයි උබල ඔහේ ඉදන් දෙස් තියනවද දන්නේ නෑනේ...කියන්නත් බැරි හරි
හාදයෝනේ මගේ වටේ ඉන්නේ.....
සැප
කනේ තියාගෙන ඉන්නකොට මෙන්න ලස්සන කෙල්ලෙක් මගේ ඉස්සරහට එනවා ...හතර වරිගයම
මතක් කරගත්තු මම ආ නංගි, කියල කිව්වා විතරයි මෙන්න මෙකි පැනපු ගමන් ඇයි
අය්යේ තමුසෙට පාන්ඩුවද කියල ඇහුවේ නැත... [යකෝ මුන් කොළබ කෙල්ලෝ වගේ නෙවෙයි
නෙව]...මම ඉතින් ලජ්ජාවෙන් බේරෙන්න පොඩි පැණි හිනාවක් දැම්ම ...මේක දැකපු
ගමන් කෙල්ලට තද උනේ නැත අයේ නත්තෙටම...මේ අයියේ ගොන්පාට් දාන්න එපා බලනවා
තමුසෙගෙ කළු,දත් අන්ද විතරයිනේ සුදු ...අවා
මෙතන අපි වගේ කෙල්ලොන්ට ලයින් දාන්න.....විලිලජ්ජාවේ සන්තෝසේ බැරුව තමා මම
අයෙත් ගෙස්ට් එකට ආවේ ..කොයිතරම් නැවෙ නැති උනත් කෙල්ල මාව බාල්දියෙන්ම
නැව්ව කියනෙකනම් මට බුදු ෂුවර් ...කොළබ කෙල්ලොන්ට කනේ ඇගිලි ගහගන්න දෙස්
තියන මට කඩන් වැටුනේ උන් තියපු සාපයක්ද කියලත් මට හිතෙනවා ...කොහොම උනත් මේ
කිරි අද කෙල්ලෙක්ට පරාද උනා [එත් ඉතින් කවුද දන්නේ මෙච්චර අහිංසක වගේ ඉන්න
සුදු කෙල්ලෝ ඔච්චර නපුරු කියල ]....අම්මපා එල්ලෙන්න ගහකුත් නෑ ඔක්කොම උස
ගස්...මම කළු උනාට කට්ට කළු නෑනේ..අනික අපේ පවූලෙන් පොඩ්ඩක් හරි සුදු මම
විතරයි නෙව ..අනික සුදු කෙල්ලෝ අස මම වගේ කළු කොල්ලොන්ට කියල මම හිතන්
හිටියේ ...ශික් පොලොව පලාගෙන යන්න හිතෙනවා ...කොහෙද ඉතින් කන්දකින්
පනින්නත් බයයි..ඇයි ඉතින් පැන්නොත් මාසයක් විතර පෙරෙලෙනවා කියල මෙහෙ එකෙක්
කිව්වා ....අනේ මේ මගේ කරුමේ...මම එනවා බන්ස් කොළබ..:v
මොත්තේ යාළුවො
මම මේ පොස්ටුව ලියන්නේ ගොඩාක් දුකින් , ඒ වගේම තරහින්. ජීවිතේ අපිට හම්බ වෙන මිනිස්සු ගැන තේරුම් ගන්න හරිම අමාරුයි බන්ස්. විශේෂයෙන් මිතුරු වෙසින් එන මොත්තේ මිතුරෝ ගැන.... කොච්චර ඒ වගේ අත්දැකීම් තිබුනත් මට තාමත් හොඳ ෆෙන්තෝ , නරක ෆෙන්තෝ අදුරගන්න බෑ. ඒ තරමටම ඒ අය කපටි නිසාද, නැත්නම් ඒ හැමෝම බොක්කේ ෆෙන්තෝ ගැන හිතන්නේ මම හිතනවා වගේ පස්ට ආදර හැඟීමෙන් කියලා මම හිතන නිසාද මන්දා.. කොහොම වුනත් අද මම මගේ ජීවිතේට ආපු මොත්තේ ෆෙන්තෝ කවුද කියලයි බොක්කේ ෆෙන්තෝ කවුද කියලයි තේරුම් ගත්තා. යාළුකම බොරුවට රඟපාන්න තරම් හොඳ පස්ට ඇක්ටර්ලා අපේ ජීවිතේ ඉන්නවා කියලා මම අද තේරුම් ගත්තා..... ඒ අතරේ ඉන්න ඇත්තටම හදවතින්ම යාළුකම දෙන මගේ බොක්කේ ෆෙන්තොන්ව මට ගොඩාක් වටිනවා.... සද්ද නැතුව මගේ ගැන හොයලා බලන, දුකේදි කඳුලු පිහිදානවට වඩා දුක නොදැනෙන්න මාව සතුටින් තියන , මගේ සතුටෙදි සතුටු වෙන උතුම් යාළුවොත් ඉන්න එක මගේ වාසනාවක්. දුක අහන්න කඳුලු පිහින්න කියලා ඇවිත් අපේ දුක ගැන මුලු ලෝකෙටම කෑගහලා කියන අපතයෝ ගැන මම අද හොඳටම දැනගත්තා, තේරුම් ගත්තා. මෙතනින් අහන දේවල් තව වැඩි කරලා අතනට කියන ජාතියේ ලෝක අන්ඩයෝ මගේ යාළුවෝ ගොඩේ, නිකනුත් නෙවෙයි හොඳම යාළුවෝ කියලා මම හිතපු ගොඩේ ඉන්න බව දැනගත්තම මට හිතුනේ පස්ට දුකක්, ඒත් ඒ වගේ එවුන්ගෙන් මිදුන එකගැන මම සතුටු වෙනවා, වැරැද්ද කරපු එකා හෝ කිහිප දෙනා දන්නවා මම මේ කතා කරන්නේ මොනවා ගැනද කියලා.... උන්ටනම් ගානක් වත් ඇති කියල නම් මම හිතන්නේ නෑ මේක දැක්කත්.මොකද ඉතින් උන්ට ආතක් පාතක් නැති ඇවිදින පොල් පරාලනේ.. එහෙම වෙන්න තරම්වත් උණු වෙන හිතක් ඒ යක්කු ගාව නෑ කියලා මම දන්නවා. මගේ දුක බෙදාගන්න කියලා ඇවිත් අන්තිමේ මගේ දුකට තවත් දුකක් එකතු කරලා යන අන්ඩයොන්ගෙන් මට වැඩක් නෑ.....:'( මම හොඳටම දුක් වෙන බව දැන දැනත් ඇයි යකු එහෙම කරේ,. මට හිතාගන්න බෑ. ඇයි එහෙම කරන්නේ... ඇයි බන්ස් මටම මෙහෙම වෙන්නේ. බොක්කේ ෆෙන්තෝ වෙනුවෙන් ඕනෙ දෙයක් කරන්න ලේස්ති මට හැමවෙලේම ෆෙන්තෙක් නිසා කරදරයක් වෙනවා. කාවහරි කරදරෙන් බේරන්න ගියොත් අන්තිමේ ඒ වැරැද්දත් පැටවෙන්නේ මගේ පිට. ඇයි යකු ලගින්ම ඉන්න ගොබ්බයො මට මෙහෙම කරන්නේ. හිතේ තියෙන දුක ඒ කෙනෙක්ට කියන්නේ අණබෙර ගහලා ලෝකෙටම කෑ ගහලා කියන්න උවමනාවක් නැති නිසා. ඒත් ඒක අහන් ඉදපු එකාම අනිත් පැත්තට ගිහින් මුළු ලෝකෙම ගිනි තියනවා නම්.. ඒ යකා හොඳ ෆෙන්තෙක්ද නැද්ද කියන එක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒත් කොහොමද හොද බොක්කක් අදුරගන්නේ. මගේ හොඳම බොක්කක් කියලා අපි හිතපු කෙනාම අපිව රවට්ටනවා නම් වෙන කට්ටිය ගැන කොහොමද බන්ස් විස්වාස කරන්නේ. ඇත්තම යාළුවෙක්ව කොහොමද අදුරගන්නේ.. ඇත්තටම මට තේරෙන්නේ නෑ.. එහෙම කරන්නෙ කොහොමද? මම එහෙම කාටවත්ම කරන්නෙ නැති වෙලත් ඇයි යකු හැමෝම මට මෙහෙම කරන්නේ.පස්ට දුකයි මට. තියෙන දුක යවාගන්නයි මේ පොස්ටුව ලිව්වෙ.....:'(
Subscribe to:
Posts (Atom)






